Sat. Aug 24th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

දකුණු අප්‍රිකානු ජනාධිපතිගේ කෙටි හමුවේදී සංවර්ධන පියවර ගැන කතා කෙරේ

Read Time9Seconds

නිල සංචාරයක් අතරතුර මෙරටට දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රම්පෝෂා මැතිතුමා අද උදැසන පැමිණියේය.

G – 20 සමුළුවට සහභාගී වීම සදහා ජපානය බලා යන අතරතුර කෙටි සංචාරයක් සදහා පැමිණි දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රම්පෝෂා මහතා , අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගුවන් තොටුපලේ ඇති විශේෂ අමුත්තන්ගේ පර්යන්තයේදී පිළිගැනීමෙන් අනතුරුව කරුණු ගණනාවක් සාකච්චා කෙරිණි.

ඉන්දීය හා ශාන්තිකර සාගර කලාපයෙහි නිදහස් නාවික ගමනාගමන හා සාමය ආරක්ෂා කර ගැනීම සම්බන්ධව මෙහිදී අවධානය යොමු කල අතර ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන සංවර්ධන වියපෘති මෙන්ම මෙරටට එල්ලවූ පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට සිය කණගාටුව පල කරමින් මෙරට ඉදිරි පියවරයන් ගැනද මෙහිදී සාකච්චා කර තිබේ.

දකුණු අප්‍රිකානු ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් අද උදෑසන 10.20ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි අතර ඔහු සමග 20 දෙනෙකුගෙන් යුතු දූත පිරිස පිළිගැනීම සදහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ද ගුවන් තොටුපළ අති විශේෂ අමුත්තන්ගේ මැදිරියේ එක්ව සිටියේය.

මෙම පිරිස ගුවන් තොටුපළේ දී තේ පැන් සංග්‍රහයකට සහභාගී වූ අතර ගුවන් යානයට අවශ්‍ය ඉන්ධන ද ලබා ගැනීමට කටයුතු කරනු ලැබු අතර පසුව ඔවුන් දහවල් 12.30ට ඔවුන් පැමිණි ගුවන් යානයෙන්ම ජපානයේ ඔසාකා බලා පිටත්ව ගියේය.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *