Sat. Aug 24th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් කරමින් ගැසට්ටුව නිකුත් වෙයි

Read Time18Seconds

දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

මෙම ගැසට් නිවේදනය මේ මොහොතේ නිකුත් වී ඇත්තේ අද මධ්‍යම රාත‍්‍රී 12.00සිට පැය 24ක වර්ජනයක් ක‍්‍රියාත්මක කරන බවද දුම්රිය සේවක සංගමය පවසයි.

කුමන බලපෑම් එල්ල වුවද අද (27) මධ්‍යම රාත‍්‍රියේ සිට අනිවාරයෙන් වැඩවර්ජනයක් සිදු කරන බව දුම්රිය වෘත්තීය සමිති පවසනවා. ඒ, වැටුප් විෂමතා ඇතුළු තම ගැටළුවලට මෙතෙක් නිසි විසඳුම් නොලැබුණු  බැවින්  ඉල්ලීම් මුල් කර ගනිමින් ඔවුන් ඉකුත් සතියේ පැය 48ක සංකේත වැඩවර්ජනයක් ද දියත් කළා. ඉන් පසුව වෘත්තීය සමිති පැවසුවේ සිය ඉල්ලීම් ලැබෙන තෙක් සෑම බ‍්‍රහස්පතින්දා දිනකම මධ්‍යම රාත‍්‍රී 12 සිට පැය 24ක වර්ජනයක් ක‍්‍රියාත්මක කරන බව ඔවුන් පවසයි.

එහෙත් දුම්රිය, අත්‍යවශ්‍ය සේවාවාක් බවට පත් කිරීමට සූදානම් බව ප‍්‍රවාහන අමාත්‍යංශය ඊයේ (26) ප‍්‍රකාශ කළා. එවන් තත්වයක් තුළ අද මධ්‍යම රාත‍්‍රියේ සිට වැඩවර්ජනය සිදු කරන්නේදැයි නෙත් නිවුස් දුම්රිය වෘත්තීය සමිතිවලින් විමසා සිටියා. ඊට ප‍්‍රතිචාර දැක්වූ දුම්රිය පාලකවරුන්ගේ සංගමයේ සභාපති ලාල් ආරියරත්න කියා සිටියේ රජය විසින් තමන් වෙත බොරු පොරොන්දු ලබා දෙමින් ජනතාව අපහසුතාවයට පත් කරමින් සිටින බැවින් සිය වර්ජනය ක්‍රියාත්මක කෙරේ.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *