Sat. Aug 24th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

මරණීය දණ්ඩනයට එක්සත් රාජධානියෙ විරෝධය

Read Time8Seconds

ශ්‍රී ලංකාව තුළ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ප්‍රතිපත්තිමය වශයෙන් එක්සත් රාජධානිය විරෝධය පළකර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එක්සත් රාජධානිය අවධාරණය කරන්නේ මිට මාස 06ක පෙර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ මණ්ඩල සැසිවාරයේදී මරණ දණ්ඩනය භාවිතා කිරිමට එරෙහි ගෝලීය තහනමට පක්ෂව ශ්‍රී ලංකාව ඡන්දය ප්‍රකාශ කර ඇති බවය.

එම ස්ථාවරය මෙලෙස වෙනස් කිරීම රටට අහිතකර ලෙස බලපානු ඇති බව සදහන් කරමින් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති තීරණය අත්හිටුවන ලෙස ඔවුන් ඉල්ලීමක් කර තිබේ.

කෙසේවෙතත් ශ්‍රී ලංකාව මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන්නේ නම් ත්‍රස්තවාදය වැලැක්වීම යන කාරණා වලදී සහයෝගය දීමට අපහසු වනු ඇති බවද එම නිවේදනයෙන් ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම මෙම කාරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ හැසිරීම ගැන අවධානයෙන් පසුවන බවත් එක්සත් රාජධානිය සිය විරෝධය පළ කල නිවේදනයේ වැඩි දුරටත් සදහන් කරයි.

ඊයේ (26) පෙරවරුවේ ජනාධිපතිවරයා සහ මාධ්‍ය ප්‍රධානීන් සමඟ පැවති සාකච්ජාවේදී ජනාධිපතිවරයා පැවසුවේ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට තමන් එකඟතාව පළ කරමින්  සිව් දෙනෙකුට මරණ දණ්ඩනය ලබා දීම සඳහා අත්සන් තබා ඇති බව සදහන් කලේ ඒ සදහා දිනයන්ද නියම කර දන්වා යවා ඇති බවද පවසමිනි.

 

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *