Tue. Dec 10th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

ලෝ ප්‍රකට වර්ජින් සමූහයේ නිර්මාතෘ මරණිය දණ්ඩනය විවේචනය කරමින් එය සංශෝධනය කල යුතු බව කියයි

Read Time18Seconds

ලෝ ප්‍රකට වර්ජින් සමූහයේ ( Virgin Group) නිර්මාතෘ ශ්‍රීමත් රිචඩ් චාල්ස් නිකලස් බ්‍රැන්සන් ලංකාවේ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ එය ලංකාව පිළිබඳ ලෝකයේම මිනිසුන් අතර පවත්නා මතය කෙළසීමක් විය හැකි කරුණක් බවයි.

බ්‍රැන්සන් මේ බව සඳහන් කර ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රැඳවියන් සිව් දෙනෙකුට මරණ දඬුවම සඳහා අත්සන් කර ඇති බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුවයි.

එමෙන්ම බ්‍රැන්සන් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ මාලදිවයිනේ ආදර්ශයක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සිය තීරණය සංශෝධනය කළ යුතු බවයි.

බ්‍රැන්සන්ගේ ට්විටර් ගිණුමෙහි මිලියන 12කට අධික අනුගාමිකයන් පිරිසක් සිටින බැවින් මෙම ට්විටර් පණිවුඩය ලොව පුරා ප්‍රචාරය වනු ඇති. මොහු 20 වන සියවසේ සහ 21 වන සියවසේ වැඩිම ව්‍යාපාරික ආයතන ගණනක හිමිකරුවායි.

අද වන විට බ්‍රැන්සන් දුම්රිය සමාගමක්, සුඛෝපභෝගී ක්‍රීඩා සංරක්ෂණාගාරයක්, ජංගම දුරකථන සමාගමක් සහ අභ්‍යවකාශ සංචාරක සමාගමක් වන වර්ජින් ගැලක්ටික් දක්වා තම ව්‍යාපාර පුළුල් කර තිබෙනවා.

එමෙන්ම 1999 දී ඔහුගෙ ව්‍යවසායකත්වයට ලද උපහාරයක් ලෙස ඔහු knight පදවියෙන් ද පිදුම් ලැබුවා.

මේ වන විට ශ්‍රී ලංකාවේ මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් පල වන වාර්තා පිළිබඳව යුරෝපයේ දැඩි අවධානය යොමුව තිබේ.

විවධ රටවල් මෙන්ම මානව ක්‍රියාකාරීන් මිට විරෝධය පල කරද්දී රිචර්ඩ් බ්‍රන්සන් ද සිය විරෝධය පල කරමින් සිය ටිවිටර් ගිණුමේ සටහනක් තබා ඇත.

ශ්‍රී ලංකාවේ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරිමට ගෙන ඇති තීරණයෙන් තමා දැඩි ලෙස  කම්පනයට පත්ව සිටින බවන බව සදහන් කරමින් ඔහු පෙන්වා දෙන්නේ වසර 43කට පසුව ශ්‍රි ලංකාව තුළ යලි මරණ දඩුවම ක්‍රියාත්මක කිරිමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සිය කනස්සල්ල පල කරමින් ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය යටතේ මරණීඩ දණ්ඩනය ක්‍රියාත්මක කිරිම බරපතල අපරාධයක් බව ඔහු කියයි.

 

 

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *