Fri. Jan 24th, 2020

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

මරණ ඳඩුවම ක්‍රියාත්මක කිරිම ශ්‍රි ලංකාවේ ප්‍රතිරෑපයට අහිතකර බව කැනඩාව කියයි

Read Time10 Second

ශ්‍රී ලංකාවේ මරණ දණ්ඩනය යළි ක්‍රියාත්මක කිරිම පිලිබඳ පළවන වාර්තා සම්බන්ධයෙන් කැනඩාවේ දැඩි අවධානය යොමුව තිබේ.

ශ්‍රි ලංකාවේ කැනේඩියානු මහකොමසාරිස් කාර්යාලය පවසන්නේ ශ්‍රි ලංකාව තුළ කුමන අයුරින් මරණදණ්ඩනය යළි ක්‍රියාත්මක කිරිම සම්බන්ධයේන දැඩිව සහ නිසකවම විරෝධය පල කරන බවය.

මරණදණ්ඩනය ක්‍රියාත්මක කිරිම මානව මිනිසාගේ අභිමානයට සහ ගෞරවයට සුදුසු නොවන බවත් මෙරට කැනේඩියානු මහකොමසාරිස් කාර්යාලය පවසයි.

නිතිවිරෝධි මත්ද්‍රව්‍ය වෙළදාමට එරෙහිව පියවර ගැනිම වැදගත් මෙන්ම අත්‍යවශ්‍ය කාරණාවක් බව කැනඩාව පිලිගත්තද ඒ සඳහා මරණදණ්ඩනය ලබා දිම පලදායි ක්‍රියාවක් ලෙස නොදකින බව කැනඩා මහකොමසාරිස් කාර්යාලය කියා සිටියි.

මෙම දඩුවම නැවත ක්‍රියාත්මක කිරිම ගෝලිය වශයෙන් අවධානයක් ගත්තද සංචාරක ආයෝජන සඳහා සුදුසු රටක් ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රතිරුපය ට අහිතකර බව කැනඩා මහකොමසාරිස් කාරියාලය පවසයි.

එමෙන්ම මරණ දණ්ඩනය අත්හිටුවිම තවදුරටත් පවත්වාගෙන යාමට ශ්‍රි ලංකා රජයට බල කරන ලෙස කැනඩාව ශ්‍රි ලාංකිකියින්ගෙන් සහ ලොව පුරා ශ්‍රි ලංකා මිත්‍ර පාර්ශව වලින් ඉල්ලා සිටින බවද කැනඩාව ඉල්ලා සිටියි.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *