Sat. Aug 24th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

මෙරට චීන තානාපතිවරයාගෙන් ඇමරිකාවට අනතුරු ඇඟවීමක්

Read Time6Seconds

ඇමරිකාව සමග චීනයට වෙළඳ යුද්ධයක් අවශ්‍ය නොවන බවට අනතුරු අඟවන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති  ෂෙන්ග් ෂුවාන් පවසයි.

නමුත් අවශ්‍ය නම් සටනකට වුවද සුදානම් බව  ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා කියා සිටියි.

ශ්‍රි ලංකාවේ චීන තානාපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ  ඇමරිකාවේ ඇතැම් දේශපාලඥයින්ට වුවමනා ආකාරයට චීනය අයිතිවාසිකම් ලබා දිමට සුදානම් නොමැති බවය.

චීනය සහ ඇමරිකාව ආර්ථික ගැටළුවලදි සමානාත්ම පදනමක් මත අවධානය යොමුකරමින් සාකච්ජා පැවැත්විය යුතු අතර දෙපාර්ශවයම හොඳ වෙළඳ සහ ආර්ථික කටයුතු පිලිබඳ සබඳතාවක් පැවැත්විය යුතු බවත් විදේශ රටවල් මෙම ගැටළුවලට ඇගිලි නොගැසිය යුතු බවත් ඔහු පවසයි.

 

එසේම එම රටවල් සෛවරීත්වයට සහ ආරක්ෂාවට සංවර්ධනයට හානි නොකළ යුත බවද ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා වැඩිදුරටත් කියා සිටියි.

කෙසේවුවද ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනය උත්සාහා දරන්නේ චීනයට උපරිම පීඩනයක් ලබා දිමට බවද තානාපතිවරයා පැවසීය.

පසුගිය දශක කිහිපයේ චින ඉතිහාසය සහ එරට වැසියන්ගේ අතීත සබඳතා තේරුම් ගතයුතු බවද චිනයට එරෙහිව වෙළඳ යුද්ධක් සිදු කිරිමෙන් දියුණුවකට පත්විය නොහැකි බවද ඔහු පවසයි.

එසේම චීනයේ ආර්ථික තත්ත්වය වර්ධනය කිරිමට සහ ස්ථාවර කිරිමට චීන රජය උත්සාහා දරමින් සිටින බවද ශ්‍රි ලංකානේ චීන තානාපති ෂෙන්ග් ෂුවාන් සඳහන් කළේය.චීන සහ ශ්‍රී ලංකා සබඳතාවලට බටහිර රටවල්  බලපෑම් කළද දෙරටම දැඩි උත්සාහයෙන් නිදහස ලබා ඇතඒ අනුව දෙරටේ නායකයින් 1952 වසරේදි  රබර් සහල් ගිවිසුමට අත්සන් තබු බවද චීන තානාපතිවරයා පවසයි.

චීනය ,ශ්‍රි ලංකාව ඇතුළු අනෙකුත් රටවල් සමග කටයුතු කිරිමට කැමැත්තෙන් සිටින බවත් සියලු දෙනා වෙනුවෙන්  ඇඟිලි ගැසීම්වලට එරෙහිව කටයුතු කිරිමට සුදානම් බවද ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා  සඳහන් කරයි.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *