Fri. Jan 24th, 2020

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

වෛද්‍ය ෂාෆිට එරෙහිව එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් කිසිදු සාක්ෂියක් නොමැති බව අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වයි

Read Time6 Second

කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂාෆිට එරෙහි එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් කිසිදු සාක්ෂියක් නොමැති බව අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුව අදඅධිකරණයට දන්වා තිබේ.

වෛද්‍ය ෂාෆි වෙනුවෙන් පෙනී සිටි නිතිඥවරයා ColomboGazette වෙත ප්‍රකාශ කලේ නඩුව විභාගයට ගත් අවස්ථාවේදි අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුව විසින් මෙම කරුනු අධිකරණයට ඉදිරිපත් කල බවය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා ,වෛද්‍යවරයාට එල්ලවී ඇති චෝදනා පිලිබද අධිකරණයට කරුනු වාර්තා කලේය.

මෙම වෙද්‍යවරයා කල සැත්කම් අතරතුර කල ක්‍රියා හේතුවෙන් කාන්තාවන් රැසකට නැවත දරුවන් පිළිසිඳ නොගත් බවට චෝදනා එල්ල විය.

කෙසේ වෙතත් අදාල චෝදනා ඔප්පු කිරිමට සාක්ෂි නොමැති බවට අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුව අධිකරනයට දැනුම් දුන්නේය.

ඒ අනුව වෛද්‍ය ෂාෆිගෙන් ප්‍රශ්න කිරිම සඳහා ලබාගත් රැඳවුම් නියෝග ඉවත්කරගන්නා බවද අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේය.

එමෙන්ම මේ සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය එල්ල කරන චෝදනා නිවරදි නොවන බවටද අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුව අධිකරනයට දැනුම් දී ඇත.

වෛද්‍ය ෂාෆි ඔහුව අත්අඩංගුවට ගැනිම සම්බන්ධයෙන් මෙිවන විට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ද ගොනු කර තිබේ.

මෙම නඩුව යලි සති දෙකකින් කැඳවීමට නියමිතයි

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *