Sun. Aug 18th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු පිරිසට අධි චෝදනා

Read Time8Seconds

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අංක 1 හමුවේ අධිචෝදනා ගොනු කර තිබේ.

ඒ අනුව මෙම නඩුවේ විත්තිකරුවන්ට ජුලි මස 19 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින මෙන් දන්වා සම්පත් අබේකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන්ගේන් සමන්විත ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් සිතාසි ද නිකුත් කර ඇත.

මෙම සිද්ධියේ විත්තිකරුවන් ලෙස හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන පත්තිනිගේ සමරසිරි, පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම, එම සමාගමේ හිමිකරුවන් වන ජෙෆ්රි ඇලෝසියස් සහ අර්ජුන ඇලෝසියස් ,එම සමාගමේ ප්‍රධාන විධායක කසුන් පලිසේන යන අයද  එම සමාගමේ අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කළ පුෂ්‍ය මිත්‍ර ගුණවර්ධන, චිත්ත රන්ජන් හුළුගල්ල, මුතුරාජා සුරේන්ද්‍රන් සහ අජහාන් ගාර්දිය පුංචිහේවා යන අයද විත්තිකරුවන් ලෙස නම් කර තිබේ.

ඒ තුළින් රුපියල් බිලියන 10058 ක භාණ්ඩාගාර බැඳුම්කර වංක සාවද්‍ය පරිහරණය කිරීමක් සිදුවී ඇතැයි පෙන්වා දෙන නීතිපතිවරයා ඒ හරහා රජයට රුපියල් මිලියන 688,762,100 ක පාඩුවක් සිදුවී ඇතැයි යන කරුණ සළකා බැලූ අගවිනිසුරුවරයා විසින් මෙම නඩුව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ විභාග කිරීම සඳහා ඉකුත්දා අගවිනිසුරුවරයා විසින් නීතිපතිවරයාට අවසන දී තිබුණි.

 

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *