Sat. Aug 24th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

ඉදිරි මැතිවරණයට ශ්‍රීලනිපය තනිව තරග කිරීමේ තිරණයක

Read Time8Seconds

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බවට වන යෝජනාවක් ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ දී ඒකමතිකව සම්මත වී ඇත.

ඉදිරිපත් කිරීමට නියමිත ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද යන්න මධ්‍යම කාරක සභාවේ දී නම් නොකළොත් ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බව ශ්‍රීලනිප ආරංචි මාර්ග සදහන් කරයි.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය සතියේදී රැස්වූ මධ්‍යම කාරක සභාවෙදී ශ්‍රීලනිපය සහ පොදු ජන පෙරමුණ සාකච්ඡාවල දී මතු වූ කරුණු අධ්‍යයනය කිරීමට කමිටුවක් ද එහිදී පත්කරගෙන තිබේ.

මෙහිදී දෙපක්ෂය අතර ඇතිවීමට නියමිත සන්ධානයේ තනතුරු ව්‍යුහය අධ්‍යනය කිරීමේ එම කමිටුව සාකච්ඡා සඳහා එක්වන පක්ෂ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල යන අයට අමතරව නිමල් සිරිපාල ද සිල්වා මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, ෆයිසර් මුස්තාපා යන මන්ත්‍රීවරුන් ද එක් කරගෙන ඇත.

 

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *