Sat. Aug 24th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

උණුසුම දැඩි ලෙස වැඩි වන බවට කාලගුණ රතු නිවේදනයක්

Read Time2Seconds

පොළොන්නරුව, මඩකලපුව, අම්පාර හා මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල හෙට 29 වනදා උණුසුම වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව මිනිස් සිරුරට දැනෙන උණුසුම “වැඩි අවධානය“ යොමු කළ මට්ටමකට පවතිනු ඇතැයි අපේක්ෂා කරන බවද මෙම තත්ත්වය යටතේ උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

වායුගෝලීය ආර්ද්‍රතාවය හා උපරිම උෂ්ණත්ව අගයන් මත මෙම තත්ත්වය ගණනය කර ඇති අතර, මෙය උපරිම වායුගෝලීය උෂ්ණත්වය නොවෙන බව ද සඳහන් වෙයි.

එම දර්ශකය අනුව මිනිස් සිරුරේ සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීමට ජලය පානය කිරීම වැඩි කළ යුතු අතර, සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිතා කල යුතු බව දඔවුන් සදහන් කරයි.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *