Sat. Aug 24th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

දංකොටුව සති පොළේ ඕනෑම අයෙකුට වෙළදාම් කල හැකි බවට අධිකරණය තීන්දු කරයි

Read Time8Seconds

දංකොටුව සති පොළේ ඕනෑම අයෙකුට වෙළඳාම් කිරීම හැකියාවක් පවතින බව මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය අද තීන්දු කර තිබේ.

එමෙන්ම වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු පුද්ගලයින් 6 දෙනා කිසිදු ඇපයකින් තොරව නිදහස් කිරීමට මාරවිල මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇති අතර දංකොටුව සති පොල සම්බන්ධයෙන් ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳව නඩුව පවත්වා ගෙන යා හැකිද යන්න සම්බයෙන් විමසා බැලීම ලබන මස 23 වැනිදා දක්වා කල් තැබීමට මාරවිල මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු කේමින්ද පෙරේරා මහතා 28 වැනිදා තීරණය කළේය.

පසුගිය 24 දා දිවෙන්නප්පුව ප්‍රාදේශීය සභාව විසින් දංකොටුව පොලිස් වසමේ දංකොටුව සති පොළේ මුස්ලිම් ප්‍රජාවට වෙළඳාම් කිරීම තහනම් බවට ‍නියෝගයක් නිකුත් කළේය. පසුව වෙන්නප්පුව ප්‍රාදේශීය සභාව මඟින් නිකුත් කළ තහනම් ‍නියෝගයට වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු පුද්ගලයින් 6 කට අධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබුණි. ඒ අනුව ජුනි 25වන දා ‍දංකොටුව පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත දංකොටුව පොලීසිය විසින් මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තාකිරීමෙන් අනතුරුව වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපති කේ.වී.සුසන්ත පෙරේරා මහතා ඇතුළු 6 කට එළඹෙන 28 වන දින මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිට එලෙස තහනම් නියෝගයක් නිකුත් කිරීමට හේතු දක්වන ලෙසට දන්වා නොතීසි නිකුත් කර තිබේ.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *