Sat. Aug 24th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

මරණදඩුවම ක්‍රියාත්මක කිරිම ගැන ජනපති ජගත් මහලේකම්ට කරුණු දක්වයි

Read Time7Seconds

ලංකාව තුළ මරණ දඬුවම ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එක්සත් ජාතින්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරේස් හට කරුණු පැහැදිලි කර තිබේ.

ඊයේ රාත්‍රියේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එක්සත් ජාතින්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරේස්ට දුරකථනයෙන් අමතා මෙවැනි තිරණයක් ගැනීමට හේතු පහදා ඇත.

මරණදණ්ඩනය හිමි සියලු දෙනා බන්ධනාගාර ගතව ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ අය බවටද ජනාධිපතිතුමා මෙහිදි පැහැදිලි කොට තිබේ.

රටේ සියලුදෙනාගේ යහපත පිණිස තමා මෙලෙස මරණදණ්ඩනය ක්‍රියාත්මක කිරිමට තිරණය කළ බවද ජනාධිපතිතුමා මහලේකම්වරයා හට පවසා ඇත.

වරදකරුවන් සිවිදෙනෙකුට මරණදඩුවම ක්‍රියාත්මක කරන බවට පසුගියදා මාධ්‍ය ප්‍රධානින් හමුවු අවස්ථාවේදි ජනාධිපතිතුමා විසින් ප්‍රකාශයට පත්කරන ලදි.

එසේම මෙම සිව්දෙනාගේ මරණ දඩුවම කඩිනමින් ක්‍රියාත්මක කරන බවද ජනාධිපතිතුමා කියා සිටියේය.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *