Sat. Aug 24th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

මරණදණ්ඩනය ක්‍රියාත්මක කළහොත් රටේ කීර්ති නාමයය පළුදු වන බව ජර්මනිය අනතුරු අඟවයි

Read Time10Seconds

ලංකාව තුළ යළි මරණ දණ්ඩනය ක්‍රියාත්මක කළහොත් එමගින් රටේ කිර්තිනාමය අහිමි විමේ අවධානමක් පවතින බව ජර්මනිය අනතුරු අඟවයි .

මානව හිමිකම් ප්‍රතිපත්ති හා මානුෂිය ආධාර පිළිබඳ කොමසාරිස් බාර්බෙල් කොෆ්ලර් පවසන්නේ ශ්‍රි ලංකාව තුළ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරිම පිලිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කිරිම ගැන පළවු වාර්තා පිළිබඳව තමා දැඩිව සැලකිලිමත් වු බවය.

පසුගිය වසර 40 සේම තවදුරටත් මරණදණ්ඩනය ක්‍රියාත්මක නොකළ යුතු බවට ඉල්ලීමක් කරන බවද ඇය කියා සිටියාය.

මරණ දණ්ඩනය ක්‍රියාත්මක කළහොත් රටේ කිර්ති නාමය මෙන්ම ශ්‍රී ලංකාව ව්‍යාපාරික කේන්ද්‍රස්ථානයක් ලෙස අත් කර ගැනි ඇති නාමයද පළුදු වන බව ඇය පැවසුවාය.

ශ්‍රී ලංකාව තුළ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරිමට නිතියෙන් තහනම් නොවුවද මරණ දණ්ඩනය අවසන් වරට ක්‍රියාත්මක වුයේ 1976 වර්ෂයේදිය.

2018 වර්ෂය අවසන් වන විට මරණ දණ්ඩනයට නියම වු පුද්ගලයින් 1299 ක් සිටින අතර ඔවුන් මේ වන විට සිරගතව සිටියි.

2018 වර්ෂයේ දෙසැම්බර් මස 19 වනදා එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයේදි මරණ දණ්ඩනය තහනම් කරන ලෙස ජන්දය ප්‍රකාශ කොට තිබේ.

මරණිය දණ්ඩනයට එරෙහි ජාත්‍යන්තර කොමිෂන් සභාවේ නියෝජිතයින් මේ වසරේ ජුනි මස 19 සිට 22 ශ්‍රී ලංකාවේ සංචාරයේ නිරත වු අතර මරණ දණ්ඩනය පිලිබඳව පවතින වාර්තා සම්බන්ධයෙන් සොයා බලා තිබේ.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *