Sat. Aug 24th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

වර්ජනය කල දුම්රිය සේවකයන්ට පැමිණිලි

Read Time8Seconds

දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවාවක් පත් කර ඇති අවස්ථාවක වැඩ වර්ජනයේ නිරත වීම හේතුවෙන් එම සේවකයින්ට එරෙහිව අද පෙරවරුවේ කොටුව පොලිස් ස්ථානයට පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

ආයතන ප්‍රධානියා ලෙස තමාට පැවරී ඇති බලතල අනුව කරුණු 07ක් යටතේ දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා අදාළ පැමිණිල්ල සිදුකර තිබේ.

ඒ අනුව වැඩවර්ජනයේ නිරත දුම්රිය සේවකයින්ට එරෙහිව නීති මඟින් කටයුතු කරන ලෙස දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සිය පැමිණිල්ලෙන් ඉල්ලා ඇති අතර දුම්රිය සේවකයින් මේ වනවිට වර්ජනයක නිරත වන අතර ඊයේ(27) මධ්‍යම රාත්‍රියේ සිට අද මධ්‍යම රාත්‍රිය දක්වා සංකේත වැඩ වර්ජනයක නිරත වන බව දුම්රිය වෘත්තිය සමිති ප්‍රකාශ කළේය.

වැටුප් ඉහළ නැංවීම ඇතුළු ඉල්ලිම් කිහිපයක් මුල් කර ගනිමින් පසුගිය සතියේ පැවති වර්ජනයට විසඳුම් නොලැබීම හේතුවෙන් සති පතා සංකේත වර්ජනයක නිරත වීමට දුම්රිය වෘත්තිය සමිති තීරණය කර තිබුණි. රජය ප්‍රකාශ කළේ සේවකයින්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් මේ වනවිට ක්‍රියාමාර්ග ගෙන ඇති අතර විධිමත් ලෙස ඊට විසඳුම් ලබා දීම සඳහා මාසයක පමණ කාලයක් ගතවනු ඇති බවය.

 

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *