Sat. Aug 24th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

ජාතික සමගිය මෙන්ම මෙරට ආගමික සමගියත් ශක්තිමත් කල යුතු බවට විපක්‍ෂනායක පෙන්වා දෙයි

Read Time4Seconds

රටේ පවතින වාතාවරණය හමුවේ මේ වන රටට අතවශ්‍ය වන්නේ සියලු ආගම ජාතින් එකතු වෙමින් සියලු ආගම ශක්තිමත් කිරීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කල යුතු බැවින් ජාතික සමගිය පමණක් නොව මෙරට ආගමික සමගියත් ශක්තිමත් කල යුතු බව හිටපු ජනාධිපති විපක්‍ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු විවෘත කල ඌරුබොක්ක දේවස්ථානයේ විවුර්ත කිරීමට සහභාගී වෙමින් විපක්‍ෂනායක වරයා මේ බව පැවසුවේය.

සියළු ජන කොටස් එක්සේසත්වී ලෝකයට ආදර්ශයක් සැපයීමට හැකි වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත් තම පක්ෂය ආගමික සමගිය වෙනුවෙන් පෙනී සිටින බවත් ප්‍රජාවන් අතර ආගමික සමගිය ගම වල දැක ගත හැකි බවත් මෙහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේය.

එහිදී ගම වල කුම ආගමක් ඇදහෙව්වත් ගමේ මිනිස්සු එකිනෙකා වෙනුවෙන් සිටින බව ඔහු පෙන්වා දුන්නේය.

සියලු ආගම වලට ගරු කරන ශක්තිමත් ප්‍රජාවක් සැකසීමේ වගකීම සහ එහි වටිනාකම පැහැදිලි කල හිටපු ජනාධිපතිවරයා ඌරුබොක්ක ගම්වාසීන්ගේ සුවදුක් විමසමින් ප්‍රදේශයේ අඩුපාඩු කතා කිරීමටද මෙහිදී අමතක කලේ නැත.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *