Sat. Aug 24th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

කිසිඳු ත්‍රස්ත ක්‍රියාවකට බදියුදීන් සම්බන්ධ නැති CID කාරක සභාවට වාර්තාවක්

Read Time8Seconds

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කිසිඳු ත්‍රස්ත ක්‍රියාවකට සම්බන්ධ නැති බව සදහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා වාර්තාවක් ඉදිරිපත් කර ඇත.

එය ඊයේ (28) තේරීම් කාරක සභාවේ සභාපතිවරයා විසින් ප්‍රකාශයට පත් කෙරුණි. පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදීන් සමග සබඳතා ඇති බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව ඊයේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගෙන් ප්‍රශ්න කළේය.

එහිදී හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පාස්කු ඉරුදින ප්‍රහාරයට හෝ ත්‍රස්ත ක්‍රියාවකට සම්බන්ධ නැති බව රහස් පොලීසිය කළ විමර්ශනවලදී අනාවරණය වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වී ඇත.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *