Sat. Aug 24th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

මරණ දඩුවමට නොර්වේ රජයත් සිය විරෝධය පල කරයි

Read Time8Seconds

ලංකාව තුළ යළි මරණ දණ්ඩනය ක්‍රියාත්ම වීම දරුණුතම සහ කෘර දඩුවමක් බව නොර්වේ රජය පවසයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ප්‍රකාශයට පත් කල මරණ දඩුවම තරයේ හෙළ දකිමින් නොර්වේ රජය නිවේදනය කරන්නේ මිට ඔවුන් විරුද්ධ බවය.

වසර 43 කට පසු නැවත ශ්‍රී ලංකාව මානව හිමිකම් ප්‍රතිපත්ති හා මානුෂියයත්වයන් පෙන්නුවත් මෙයින් නැවත අමානුෂිකත්වය පෙන්නුම් කරන බව ඔවුන් පවසයි.

මරණිය දඩුවම ක්‍රියාත්මක වීමෙන් ශ්‍රී ලංකාව කෙරෙහි තිබෙන ජාත්‍යන්තර හොදහිත නැති වන බවද ඔවුන් පෙන්වා දෙයි. එමෙන්ම මරණ දණ්ඩනය ක්‍රියාත්මක කළහොත් රටේ කිර්ති නාමය මෙන්ම ශ්‍රී ලංකාව ව්‍යාපාරික කේන්ද්‍රස්ථානයක් ලෙස අත් කර ගැනි ඇති නාමයද පළුදු වන බවනොර්වේ රජය සදහන් කරයි.

මරණිය දණ්ඩනයට එරෙහි ජාත්‍යන්තරයෙන් මෙලෙස කුමන අදහසක් පල වුවත් ජනාධිපති මෛත්‍රී පාල මහතා පවසන්නේ කිසිදු හේතුවක් මත මෙම තීරණය වෙනස් නොකර බවය.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *