කිරින්ද සැඩ පහරට හසු වූ පවුලේ මවත් මිය යයි

කිරින්ද මුහුදු වෙරළ තිරයේදි ඉකුත් 22 දින සැඩ රළ පහරට හසු වී අසාධ්‍යයව කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි හැටන් සාත්තු නිවාස පාරේ පදිංචිව සිටි හසිනි විජේසුරිය ඊයේ (29) රාත්‍රියේ ජිවිතක්ෂයට පත්ව ඇත.

හසිනි විජේසුරිය නුවරඑළිය නගරයේ පෞද්ගලික බැංකු ශාඛාවක විධායක නිලධාරිනියක් වශයෙන් සේවය කළ අතර එම බැංකු ශාඛාවේ සෙසු නිලධාරින් සහ හසිනි විජේසුරියගේ සැමියා, දියණියන් දෙදෙනා සමග යාල ප්‍රදේශයේ විනෝද චාරිකාවක නිරතව සිටියදී මුහුදු රළ පහරට හසුව ඉකුත් 22 වැනි දින හසිනි විජේසුරියගේ සැමියා සහ දියණියන් දෙදෙනා ජිවිතක්ෂයට පත් විය.

 

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here