Tue. Dec 10th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

දයාසිරි ප්‍රහාරය සම්බන්ද පිරිස් දන්නා බව කියූ නිසා යලිත් පාර්ලිමේන්තු කාරක සභාවේ පෙනී ඉන්නැයි දන්වයි

Read Time13Seconds

පාස්කු ප‍්‍රහාරය ගැන සොයා බැලෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙස පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකරට යළි දැනුම් දීමට කටයුතු කරන බව එහි සභාපති, නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි පවසයි.

යම් මන්තී‍්‍රවරයෙකු කාරක සභාව හමුවට කැදවූ විට ඔහු අනිවාර්යයෙන් ඊට පෙනී සිටිය යුතු බවත් දයාසිරි ජයසේකර මන්තී‍්‍රවරයා එම කාරක සභාව හමුවට කැදවීමට තීරණය කළේ මෙම ප‍්‍රහාරවලට සම්බන්ධ පුද්ගලයින් දන්නා බවට ඔහු මාධ්‍ය වෙත කළ ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු විමසීම සදහා බවත් නියෝජ්‍ය කථානායකවරයා පවසයි.

මෙම කාරක සභාව හමුවේ ඉකුත් සිකුරාදා පෙනී සිටින ලෙස දයාසිරි ජයසේකර මන්තී‍්‍රවරයාට දන්වා තිබු අතර තමන් එම කාරක සභාව හමුවේ පෙනී නොසිටීමට හේතු වූ කරුණු සම්බන්ධයෙන් ඉකුත් සිකුරාදා දයාසිරි ජයසේකර මන්තී‍්‍රවරයා පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශයක් සිදු කරමින් පැවසුවේ එයට සහබ්භාගී නොවන බවය. පාස්කු ඉරිදා ප‍්‍රහාර ගැන සොයා බැලෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ලබන 10 වනදා පස්වරු 2.00ට යළි රැස්වීමට නියමිතය.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *