මන්ත්‍රී පුතාගේ පොලු පහරින් පොලිස් නිළධාරියා රෝහලේ

පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිරකුමාර අබේසේකරගේ පුත්‍රයෙකු පොල්ලකින් පහරදීමෙන් පොලිස් නිළධාරියෙකු තුවාල ලබා හලාවත මහා රෝහලට ඇතුළත් කර තිබේ.

මෙලෙස තුවාල ලබා ඇත්තේ ඇමති ආරක්ෂක කොට්ඨාශයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල් සුසන්ත අරුණ කුමාර  නමැති පොලිස් නිලධාරියාය. පහර කෑමට ලක්වූ පොලිස් නිළධාරියා රෝහලට ඇතුළත් වීමට පෙර හලාවත පොලිසියට මේ පිලිබඳව පැමිණිලි කර ඇත.

ඊයේ (29) රාත්‍රි 8.45 පමණ මෙම සිද්ධිය හලාවත පොලිසිය අදාල සැකකරු අත්අඩංගුවට ගෙන පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇත.

 

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here