Tue. Dec 10th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

කදවුරු සිර වටකර ගත් චීනයේ මුස්ලිම් ජන මොළ ශෝදනය

Read Time34Seconds
ලෝකයේ නොයෙකුත් රටවල් යුධ හා දේශපාලන සිරකරුවන් පිලිබදව බොහෝ තොරතුරු වසන් වෙයි. මේ අතුරින් අද දවසේදී වැඩි කතා බහකට ලක්වන්නේ චීනයේ බටහිර ෂින්ජෑන් (Xinjiang) පළාතයි. වසර ගණනාවක් තිස්සේ පැරණි පාසලක පවත්වාගෙන යන ගොඩනැඟිලි සංකීර්ණයක් කෙරෙහි පසුගිදා ලෝක මාධ්‍ය දිගින් දිගටම වාර්තා පල කළේය.

එලෙස ලෝකයේ බොහෝ මානව හිමිකම් සංවිධාන මේ පිලිබදව කතා කරමින් හුව දැක්වුයේ චීනා විසින් ඉස්ලාම් ධර්මය අදහන ඔවුන්ගේම ජනතාවට සිදු කරන පිඩනයන්ය. බොහෝ දෙනෙක් කඳවුරු තබා ගනිමින් ඔවුන්ගේ කොමියුනිස්ට් පක්ෂයට අවශ්‍ය ලෙස ඔවුන්ගේ ආකල්ප හා සිතුම් පැතුම් වෙනස් කිරීමට උත්සාහයක් මේ අනුව චීනය විසින් සිදු කර ගෙන යන අයුරු සාක්කි සාධක සහිතව පසුගියදා ලෝක මාධ්‍ය වාර්තා පල කළේය.  නමුත් මෙම කදවුරු ගැන චීන රජය පවසන්නේ ත්‍රස්තවාදයට හා ආගමික අන්තවාදයට එරෙහිව අධ්‍යාපනය ලබා දෙන වෘත්තීය පාසලක් බව යි.  වැඩිහිටියන් යෝධ කදවුරු වල රදවා ගන්නා අතරතුරම බෝඩිම් පාසල් ඉදිකිරීම් සදහා මහා පරිමාන වියාපරයන්ද චීනයේ ක්‍රියාත්මක වෙමින් පවතින බව මේ වන විට හෙළිදරව් වී තිබේ. එක් නගරයක පමණක් ළමුන් 400 කට වැඩි පිරිසකුගෙන් දෙමවුපියන් එක් අයෙක් පමණක් නොව දෙදෙනාම කදවුරු හෝ සිර ගෙවල් වල තබා ඇති බව සාක්ෂි සාධක සමග සොයා ගෙන ඇති බව බිබිසි වාර්තා කරයි.එමෙන්ම ශියන්ජි වැඩිහියන්ගේ අනන්‍යතාවය පරිවර්තනය කිරීමේ උත්සාහයට සමගාමිව ළමුන් ඔවුන්ගේ මුලයන්ගෙන් ක්‍රමානුකුලව ඉවත් කිරීමේ සමාන්තර වියාපාරයක් පවතින බව සාක්ෂි ලැබී ඇති බවට මේ වන විට සමහර පරීක්ෂණ වාර්තා පේනවා දී තිබේ.

චීනය විසින් රැගෙන යන මේ ඉස්ලාම් විරෝධී ක්‍රියා පිළිවෙළ මේ වන විට ලෝකයේ ම අවධානයට යොමු වී තිබේ. BBC මාධ්‍යය මඟින් මේ පිළිබඳ ව බොහෝ තොරතුරු ප්‍රමාණයක් ලොවට හෙළි කළේය. මෙවන් කලාප වල වැඩිහිටියන් මෙන්ම දරුවන්  කනස්සල්ලෙන්  ශෝකයෙන් සිටින්නේය. සමහරුන්ගේ පිරිස් අතුරුදහන් වී ගොසිනි.  චීනය මුස්ලිම් ප්‍රජාවට පමණක් නොව ඔවුන් ඔවුන්ගේ  සමස්ත සුළු ජාතීන්ටම මෙකි පාපිතර සිරකිරීම් තාඩන පීඩනයන්ට ලක් කරන බව මෙකි වාර්තාවන් හුවා දක්වති.

චීනයේ සැඟවුණු කඳවුරු ඇති බවටද වාර්තා පල වන්නේ මේ අතරතුරදීය. එහිදී සමහරෙක් අතුරුදහන් වුයේය. නමුත් චීන බලධාරීන් පවසන්නේ ප්‍රචණ්ඩකාරී ආගමික අන්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා උයිගර්වරුන් “වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන” වල අධ්‍යාපනය ලබන බවයි. නමුත් සාක්ෂිවලින් පෙනී යන්නේ බොහෝ දෙනා රඳවාගෙන සිටින්නේ හුදෙක් ඇදහිල්ල ප්‍රකාශ කිරීම , ආවරණය කිරීම් හෝ වැස්මකින් සැරසී සිටීම හෝ තුර්කිය වැනි ස්ථානවලට විදේශ සම්බන්ධතා පැවැත්වීම නිසාය.  චීනයේ මුස්ලිම් සුළු ජාතිකයන් වන උයිගුර් මුස්ලිම්වරුන් රඳවා තැබෙන කඳවුරු වහා ඉවත් කරන්නැයි තුර්කිය චීනයට දන්වා තිබිණි. ‘චීනය එරට බටහිර පළාත්වල වෙසෙන උයිගුර් මුස්ලිම් සුළු ජාතිකයන්ට සලකන විදිය අද වන විට ලෝකයට රහසක් නොවෙයි. මිලියන ගණනක් උයිගුර් වැසියන් රඳවා තැබෙන කඳවුරු තබමින් මෙසේ සිදු කරන්නේ මනුෂ්‍යත්වයට නිග්‍රහයක් බව තුර්කිය පෙන්වා දුන්නත් චීනය ඔවුන්ගේම පාරේ ගමන් කරති.

ෂින්ජෑන් ප්‍රදේශයේ ඇති රහස් සිර කඳවුර පිළිබඳ ව පළමුවරට අනාවරණය වන්නේ ගිය වසරේ දී ය. පසු ව 2018 වසරේ අප්‍රේල් මාසයේ දී එම ප්‍රදේශයේ චන්ද්‍රිකා ඡායාරූප හා 2015 වසරේ ලබාගත් චන්ද්‍රිකා ඡායාරූප එකිනෙක සැසඳීමෙන් මුඩු බිමෙක ඉදිකරන ලද නව ගොඩනැඟිලි සංකීර්ණයක් හඳුනාගැනීමට හැකියාව ලැබී තිබේ. භූමියේ කි. මී. 2ක් දුරට මතුපිට ඉදිකිරීමක් සිදුකර තිබූ අතර, ඊට අමතර ව මුර කුලුනු 16ක් ඉදි වී තිබෙනවා. එහි අවම වශයෙන් 11,000ක් පමණ පිරිසක් රැඳවිය හැකි බවත්, උපරිමය 130,000 කි.

ආකල්පමය වෙනස්කම් හේතුවෙන් පුද්ගලයන් දස දහසක් ප්‍රමාණයක් සඳහා පුනුරුත්ථාපන අධ්‍යාපනය ලබා දෙන බව බලධාරීන් විසින් සඳහන් කලද  තවත් අයෙක් සඳහන් කරන්නේ නඩු විභාගයකින් තොරව ඉස්ලාම් ආගමිකයන් මෙම කදවුරු වල සිර කර ඇති බව ය.

ඉස්ලාම් දහම අදහන්නන්ගෙන් පිරුණු මේ පළාත චීනයට එරෙහිව කැරලි මෙහෙය වූ පළාතක් ලෙස ඉතා ප්‍රසිද්ධ යි. මීට වසර කිහිපයකට ප්‍රථම චීනයේ වෙළඳ අපනයන අදායම ඉහළ ගියත් එය සමාන ආකාරයෙන් බෙදී නොයන බව පවසමින් මෙම පළාතේ සන්නද්ධ කණ්ඩායම් 2013 හා 2014 වසරවල දී සිවිල් වැසියන් හා හමුදා කණ්ඩායම් ඉලක්ක කරගනිමින් නොයෙකුත් ප්‍රහාර එල්ල කර තිබේ. මෙම ප්‍රචණ්ඩකාරී රැල්ල මර්දනය කිරීම සඳහා චීන රජය විසින් නවීනතම තාක්ෂණය යොදා ගෙන ඇති අතර, ඉස්ලාමීය අනන්‍යතාවය සහ භාවිතය සීමා කිරීම සඳහා නව නීතින් හඳුන්වා දෙමින් පිරිමින් දිගු රවුල් වැවීම, ගැහැනුන් විසින් හිස් ආවරණ සඳහා හිජාබය පැළඳීම, හා ඉස්ලාමික පසුබිමක් සහිත වාසගම් තැබීම වැනි දෑ සම්පූර්ණයෙන් තහනම් කර ඇත. මෙම ප්‍රදේශයේ රැඳී සිටින බොහෝ ප්‍රමාණයක් වූ මුස්ලිම් ප්‍රජාව විසින් ප්‍රකාශ ලෝක මාධ්‍ය වෙත පවසා ඇත්තේ චීන රජයට තමන්ගේ අනන්‍යතාවය මුලු ලෝකයෙන් ම තුරන් කිරීමට අවශ්‍ය වී ඇති බව ය. ඒ සඳහා පුනුරුත්ථාපන පාසල් පිහිටුවන ඔවුන් කිසිදු වරදක් සම්බන්ධයෙන් චෝදනා නොලබන වැසියන් පවා නඩු විභාගයකින් තොරව ඔවුන්ගේ වෘත්තීය පාසල් නමින් හඳුන්වන ස්ථානවල දීර්ඝ කාලයක් රඳවන බව ය.

කෙසේ වෙතත් මේවා විදෙස් රටවලට හසුනොවන ලෙස ඉතා සූක්ෂම ව කිරීමට චීන බුද්ධි අංශ සමත්වී තිබේ.

තවද චීනයේ මුස්ලිම් ජනතාවගේ එදිනෙදා ජීවිතය නිරීක්ෂණය කිරීමට ජංගම app එකක් යොදා ගෙන ඇති බවට Human Rights Watch ආයතනය පසුගිය මාසයේදී පැවසුවේය. Xinjiang හි ප්‍රදේශයේ ඇති මෙම app එක නිසා චීනය ජාත්‍යන්තර විවේචනයට ලක්ව තිබේ. චීනය මිලියන 1ක් පමණ සිටින Uighurs ජන කොට්ටාශය හා අනෙකුත් මුස්ලිම් ජන පිරිසක් චීනය විසින් විශේෂ කඳවුරු වල රදවා තිබේ. මෙම රැදවුම් කදවුරු වල de radicalization යනුවෙන් හඳුන්වන අන්තගාමී අදහස් ඉවත් කිරීමේ කටයුතු පිළිබදවද ජාත්‍යන්තර අවධානය යොමු වී ඇත. මේ නිසා මෙම මධ්‍යස්ථාන වල සිටින පුද්ගලයන් ගේ මුහුණු හඳුනා ගැනීමේ හැකියාව ඇති කැමරා, පොලිස් නිරීක්ෂණ wifi තොරතුරු ලබා ගැනීම , බැංකු ආදී තොරතුරු පිළිබද මෙමගින් නිරීක්ෂනය කෙරෙන බව සදහන්ය.

මානව හිමිකම් සංවිධානයක් විසින් මෙම app එක ලබා ගෙන එය ක්‍රියා කරන ආකාරය සොයා බලා ඇත. එමගින් හෙළිවී ඇත්තේ මෙම app එක මගින් පුද්ගල තොරතුරු පමණක් නොව ඔවුන් පිළිබද සැක කටයුතු තොරතුරු ලැබුණු පසු ඔවුන් පරීක්ෂාවට පොලීසිය යොමු වීමද සිදු වන බවය.

කෙසේ වෙතත් මේ වන විට චීන ශ්‍රී ලංකා සබදතා ගොඩ නැගී ඇත. ඔවුන්ගෙන් විවිධ තාක්ෂණික සහයන් ලබා ගැනීමට එකගතා පල කර තිබේ. ආර්ථික දේශපාලනික වශයෙන් චීනයට අපේ රටම බිලි දෙනවා සේ බෝහි දේ  චීනයෙනි. මකි සන්දර්භය තුල චීනයේ මෙවන් මානව අයිතීන් උල්ලංගනය වීමේ ක්‍රියාවන්ට අපේ රටද හුරු විය හැකිය. සිතන්නට ගවේෂණය නිරීක්ෂණය කිරීමට ඇති බොහෝ දේ හමුවේ අප මෙකි ගැටළු වත්මන් රාජ්‍ය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතාට යොමු කළෙමු. “චීනයේ මුස්ලිම් පමණක් නොව චීනයේ සියලුම සුළු ජාතීන්ට මානව අයිතීන් නැහැ. ඒ වගේම චීන ජාතිකයන්ටම කිසිම අදහස් ප්‍රකාශ කිරීම් දේශපාලන පක්ෂ තෝරා ගැනීමේ අයිතීන් පවා නැහැ. කොමියුනිස්ට් තනි පක්‍ෂ බලයට යටත්ව සියලු දෙනාම සිටිය යුතුය. එකත් එක්ක මුස්ලිම් ප්‍රජාව බලනකොට ඔවුන්ව යටත් කර ගෙන ඉන්නවා. මහා ජාතියටම ඔවුන් කිසි මානව අයිතියක් දෙන්නේ නැතුව සුළු ජාතීන්ට මොන කතාද ? ඔවුන් දිගටම අපිව සංවර්ධනය සමග විවිද බොහෝ දේත් එක්ක චීන රටේ දේවල් ඔවුන් රට පාලනය කරන විදිය මේ දේවලුත් සමග මිනිස්සු මර්දනය කිරීම වැනි දේවල් අපේ පාලකයෝ ඉගෙන ගන්න පුළුවන්. චීනයේ මුස්ලිම් සමග සියලු සුළු ජාතින් වෙනුවෙන් මම කැමතියි ඉල්ලීමක් කරන්න ඔවුන්ගේ රටේ මානව හිමිකම් ආරක්ෂා කර ගනිමින් මීට වඩා නිදහස ඔවුන්ගේ මිනිස්සුන්ට ලබා දෙන්න කියලා”.

අපේ රට නියෝජනය කරමින් ජනතා නියෝජිතයකු ලෙසින් ඔහු මෙන්ම ලෝකයේ බොහෝ රටවල් ලෝකයේ බොහෝ මානව ක්‍රියාකාරීන් මෙසේ බොහෝමයක් ඉල්ලීමක් චීනයට සිදු කලත් ඒවා කනකටවත් චීනය මායිම් නොකරන්නේය. චීනයේ වියාප්ත වන මෙවන් කෘර පාලන ක්‍රමයන් මේ මහා පොළොවේ පැල වීමේ ඉඩකඩ නොදීමට අප අවධියෙන් සිටිය යුතුය.

  • මේඝා චින්තාමණි  
1 0
Advertisements

1 thought on “කදවුරු සිර වටකර ගත් චීනයේ මුස්ලිම් ජන මොළ ශෝදනය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *