Tue. Dec 10th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

දේශපාලනික වුවමනාවන් වෙනුවෙන් මිනී නොමරන නායකයෙක් රටට අවශ්‍යයි-අජිත් පී පෙරේරා

Read Time42Seconds

ජනාධිපතිවරණයට තව ඇත්තේ මාස පහක පමන කාලයකි. සෑම දේශපාලන පක්ෂයක් තුළම දක්නට ලැබෙන්නේ ජනාධිපතිවරණයකට සූදානමක් නොව ජනාධිපති අපේක්ෂකත්වය පිලිබඳ අර්බුදයන්ය. කිසිදු ප්‍රධාන දේශපාලන ප්‍රවාහකයකට ඒ පිළිබඳ නිශ්චිත එඟත්වයකට පැමිනීමට නොහැකි වී ඇත. එක්සත් ජාතික පක්ෂය තුලද දක්නට ඇත්තේ ජනාධිපති අපේක්ෂකත්වය පිලිබඳ අවලාද, මතභේද පමණි. එවැනි වාතාවරණයක් තුළ ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳ colombogazette-sinhala සමග සංවාදයට එක්වුනේ ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ කැබිනට් නොවන අමාත්‍ය අජිත් පි පෙරේරා මහතා.

ඔබතුමා පසුගිය දිනවල බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරතවුනා. මේ සංචාරයේ අරමුණ පැහැදිලි කළොත්?

බ්‍රිතාන්‍ය රජය සහ බ්‍රිතානය රාජ්‍යයට අනුබද්ධ වෙස්මිනිස්ටර් ෆවුන්ඩේෂන් ආයතනය විසින් වාර්ෂිකව ලෝකයේ පාර්ලිමේන්තුවල සිටින මන්ත්‍රිවරුන්ට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය පිළිබඳව සහ ප්‍රජාතන්ත්‍රවාදි මුලධර්ම පිලබඳ දැනුවත් කිරිම සඳහා පවත්වන සම්මන්ත්‍රණ මාලාවක කොටසක් .ලංකාවේ පාර්ලිමේන්තුවේ කාරක සභාවල ක්‍රියාකාරිව කටයුතු කරන මන්ත්‍රිවරුන් මේ සඳහා සහභාගි වුනේ. ඒ අනුව ලංකාවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරු 8ක් සහභාගි වුනා.

මේ සංචාරය අතරතුර ඔබතුමා සමාජ මාධ්‍ය හරහා පළ කරලා තිබුණා වෙස්මිනිස්ටර් ක්‍රමය ගැන කථාකරන අය පක්ෂයේ අභ්‍යන්තර දේශපාලනයේදි නිහඩයි කියලා. මේ ඔබතුමා පක්ෂය තුළ ලබන අත්දැකීමද?

මගේ පක්ෂයේ විතරක් නෙමෙයි රටේම තියෙන අත්දැකීම. මේ රටේ කිසිම දේශපාලන පක්ෂයක අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. ඒ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ඉතා වැදගත්. වෙස්මිනිස්ටර් සම්ප්‍රදායේ මුලධර්මය තමයි එක් එක් පක්ෂවල තියෙන අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය. පක්ෂවල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය තිබුනොත් තමයි රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වෙන්නේ.

එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරණයට සුදානමක් නැද්ද?

ජනතාව ජනාධිපති විය යුත්තේ කව්ද කියන එක ගැන නිශ්චිත හැගිමකින් ඉන්න බව දන්නවා .සාමාන්‍ය පොඩි මිනිස්සුන්ගේ ප්‍රශ්න ගැන ඒ අය විඳින දුක ගැන හිතන්න පුළුවන් පුර්ණ කාලින දේශපාලනයේ නිරතවන, ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳ විශ්වාස කරන ,ත්‍රස්තවාදය සහ මැර බලය ප්‍රතික්ෂේප කරන ප්‍රජාතන්ත්‍රවාද අත්දැකීම් තිබෙන නායකයෙක් මෙවර පත්කර ගැනිමට පක්ෂ භේදයකින් තොරව ජනතාව සුදානමින් සිටින බව අපට පේනවා. පක්ෂය ජනාධිපතිවරණයට සුදානම් වෙනවා. මේ ගැන සාකච්ජා කරනවා. ප්‍රතිපත්ති සකස් කරනවා. අපෙක්ෂකයා කව්ද කියන එක ගැන සාකච්ජා කරනවා. ජනාධිපතිකම කළ හැකි පුද්ගලයින් නායකයින් හතර පස්දෙනෙක්ම ඉන්නවා. ඒ අය අතරින් සුදුසුම කෙනා සහ නිශ්චිතවම ජයග්‍රහණය කරගත හැකි කෙනා කව්ද කියන එක ගැන අපි ගැඹුරු සාකච්ජාවක් පක්ෂය ඇතුලේත් ඉන් පිටතටත් මේ මොහොතේ කරනවා.

බොහෝ පිරිසකගේ හැඟීම එක්සත් ජාතික පක්ෂයේ සිටින ඇතැම් නායකයින් තමන්ගේ ප්‍රතිරූපය හදාගන්න උත්සාහා කරනවා මිසක් පක්ෂයක් විදිහට ජනාධිපතිවරණයට මුහුණදෙන්න සුදානමක් නැහැ තියලා. ඔබතුමා මොකද ඒ ගැන කියන්නෙ?

ඒක වැරදියි පක්ෂය ගැන දන්නෙ නැති, පක්ෂයේ ක්‍රියාකාරිත්වය ගැන දන්නෙ නැති පක්ෂයේ ක්‍රියාකාරිත්වය ගැන අවබෝධයක් නැති පිටස්තර පුද්ගලයින්ට එහෙම හිතෙනවා ඇති. එහෙම නැත්නම් විරුද්ධවාදින පක්ෂය ගැන කියන හැටි තමයි ඒ.

ඔබතුමාගේ අපේක්ෂාව සජිත් ප්‍රේමදාස මහතාව ජනාධිපති අපේක්ෂකයා කරවීමද?

ඔව් ,මේ රටේ මිනිස්සු ගැන සිතන පුර්ණ කාලිනව දේශපාලනය කරන ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස කරන , බලයට පත්වුනාට පස්සේ මාධ්‍ය මර්දනය නොකරන ,දේශපාලනික වුවමනාවන් වෙනුවෙන් මිනී නොමරන නායකයෙක් මේ රටට අවශ්‍යයි.වැදගත් ප්‍රජාතන්ත්‍රවාද ගුණයත් ,කාර්යක්ෂමතාවයත් ,කළමනාකරණ දක්ෂතාවයත් සජිත් ප්‍රේමදාස මැතිතුමාට තිබෙනවා.මම පෞද්ගලිකව විශ්වාස කරනවා එතුමා ජනාධිපති.මම පෞද්ගලිකව විශ්වාස කරනවා එතුමා ජනාධිපතිවරණයට සුදුසුයි කියලා.නමුත් අපි පක්ෂයක් හැටියට කෘත්‍යාධිකාරි මණ්ඩලයත් පාර්ලිමේන්තු කණ්ඩායමක් එකතුවෙලා තමයි තිරණය කරන්නේ නිල වශයෙන් කව්ද අපේක්ෂකයා කියලා.අපේ පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා වෙන්න සුදුසුකම් තියෙන කිපදෙනෙක්ම ඉන්නවා .ඒ නිසා හැමෝටම අවස්ථාව දිලා හමෝගැනම සලකලා බලලා කෘත්‍යාධිකාරි මණ්ඩලය සහ පාර්ලිමේන්තු කණ්ඩායම අනුමත කලාම තමයි අපේක්ෂකයා කව්ද කියන එක ගැන තිරණය වෙන්නේ.

ඔබ කියන විදිහේ නායකත්වයකට එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් මන්ත්‍රිවරුන් සුදානම් නැහැ නේද? රවි කරුණානායක මන්ත්‍රිතුමා විවිධ ප්‍රකාශ සිදු කරනවා ඒ සම්බන්ධයෙන්.

රවි කරුණානායක මහත්තයා එතුමාට හිතෙන දේවල් කියනවා සමහර විට එතුමාත් ජනාධිපති අපේක්ෂකයා විමට සුදානම් ඇති.අපිට නම් හිතෙන්නෙ නැ එහෙම එතුමා කියන දෙයින් පක්ෂය මනින්න එපා .පක්ෂය ඊට වඩා සංවිධාන ව්‍යුහයකින් රටේ ජනතාව කියන දේ පාක්ෂිකයින් කියන දේ රටේ ජනතාව කියන දේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු කියන දේ සලකලා බලලා තමයි අපේක්ෂකයෙක් තෝරා ගන්නෙ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 ,19 සංශෝධන අහෝසි කළ යුතු බව ජනාධිපතිතුමා පවසනවා. ඒ ගැන ඔබතුමාගේ අදහස ?

ජනාධිපතිතුමා මේ ධුරයේ අවසන් කාලයෙනේ ඉන්නෙ.විටින් විට එක එක දේවල් කියනවා කව්රුත් එවා ලොකුවට ගනන් ගන්නේ නැහැ. ඔය ගැන හිතන එකත් අපරාදෙ.

මරණ දඬුවම ක්‍රියාත්මක කිරිම ගැන ඔබතුමාගේ අදහස කුමක්ද?

මරණිය දුඩුවම කියන්නේ වැඩ කරන්න බැරි රටේ නිතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක කිරිමට අසමත් වුනාම ගන්න පහසු තෝරා ගැනිමක් .වැඩ බැරි නායකයෝ තමයි මරණ දඬුවම තෝරා ගන්නෙ.

 

                                                                                 සංවාද සටහන – වරුණි පෙරමුණ

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *