Sun. Dec 8th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

චන්දිමාල්ගේ “Royal Birth Day” පාර්ටි එක

Read Time6Seconds

චන්දිමාල් කියන්නේ මේ වන විට කවුරුත් දන්න ජනප්‍රිය චරිතයක්.

චන්දිමාල් ජයසිංහ ඔහු ප්‍රවීණ රුපලාවන්‍ය ශිල්පියෙක්. සෑම වසරකදීම චන්දිමාල් ගේ රාජකීය උපන් දින සාදය මැයි 31 කතා බහට ලක් වන දවසක් බවට පත් වනවා. ඒ ඔහු ඒ සදහා අධික වියදමක් දැරීමත් එය වෙනස්ම ආකාරයෙන් අකර්ශනියව සැමරීමත් නිසා. කොහොම හරි ඔහුගේ රාජකීය තේමාවත් සමග අන්තිමේදී රාජකීය උපන්දිනේ හිමිකරු බවටත් ඔහු පත් වෙලා.

මැයි 31ට දී තිබෙන තම උපන් දිනය චන්දිමාල් මෙවර සමරුවේ නැහැ. ඔහු සැමරීම ජූලි 31කට කල් දැම්මා. ඒකට හේතුව පසුගියදා සිදුවූ පාස්කු ප්‍රහාරය.

ඒ වෙනුවෙන් ඔහු මැයි 31වන දා තම උපන්දිනය මතක් කරමින් සැමට පැවසුවේ ” මැයි 31 ගංගාරාම පන්සලට එන්න හවස 5 ට. මගේ උපන්දිනය නිමිත්තෙන් සහ පසුගිය 21 වැනිදා සිදුවූ සෝචනීය ප්‍රහාරයෙන් අප අතරින් වෙන් වුණු අපේම සහෝදරයින්ට අපි පින් පමුණුවමු” කියලා. ඒ නිමිති කොර ගෙන ධර්ම දේශනාවක් වගේම මල් 1000 ක් පහන් 1000ක පුජාවක් සුදානම් කරලා තිබුනා.

ඉන් අනතුරුව චන්දිමාල් රාජකීය උපන්දින සාදය ජූලි 31 වනදා කොළඹ හිල්ටන් හෝටලයේදී සුදානම් වූයේ රාත්‍රී භෝජන සංග්‍රහයක් සමග. මෙවරත් රාජකීය කියන තේමාවට මුල් තැන දෙමින් සිදුවූ අලුත්ම තාලේ වැඩේ තමයි මේ.

උපන්දිනයට පෙර චන්දිමාල් හරි අපුරු Pre Shoot එකකුත් කරලා තිබුණෙත් රාජකීය කියන තේමාව මුල් තැන දෙමින්.

කොහොම වුනත් මෙවර චන්දිමාල් ගේ රාත්‍රී බෝජන සංග්‍රහයට දේශපාලකයින් වගේම කලාකරුවන් නිරුපන ශිල්පින් රැසක් සහභාගී වී තිබුනේ මෙහෙම.

   

       

 

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *