Tue. Dec 10th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

හම්බන්තොට රෝහල චීනයට ?

Read Time23Seconds
හම්බන්තොට නව රෝහල පසුගියදා ජනපති අතින් ජනතා අයිතියට පත් වූයේය. නමුත් මෙය වටා මේ වන විට මතභේද රාශියක් ගොඩ නැගෙමින් තිබේ.
නෙදර්ලන්තයේ සහන ණය ආධාර යටතේ යූරෝ මිලියන 46.8ක් වැය කරමින් ඉදිකරන ලද හම්බන්තොට දිස්ත්‍රික් නව මහ රෝහල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ සහභාගීත්වයෙන් පසුගියදා විවෘත කරන ලදි.
මෙම රෝහල ඇඳන් 850කින් යුත් මෙම රෝහල, ශල්‍යාගාර 07ක්, හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකයක්, දැඩි සත්කාර ඒකක, හෘද රෝග ඒකක, වෛද්‍ය හා හෙද නිල නිවාස, නවීන වෛද්‍ය උපකරණ, අතිනවීන සීටී ස්කැනර් යන්ත්‍රයකින් ද යුක්ත වෙයි.
හම්බන්තොට දිස්ත්‍රික් නව මහ රෝහල පිරිසිදුව නවීන පහසුකම්වලින් යුත් රෝහලක් ලෙස ජනතාවට දායාද කිරීමට යහපාලන රජයට හැකියාව ලැබුණ බව රජය අදහස් දක්වමින් ප්‍රකාශ කළේය. නමුත් මේ පිලිබදව අදහස් දක්වමින් විපක්ෂය සදහන් කරන්නේ හම්බන්තොට මහ රෝහලත් චීන රජයට ලබාදේවි යැයි සැකයක් මතුව ඇති බවය.
හම්බන්තොට රෝහල පළමුවරට ගිවිසුම්ගත වන්නේ 2011 ජුනි මාසේ 21 ය.  2013 වසරේ ජුනි මාසේ 29 දින මුල්ගල් තබා 2014 වසරේ දෙසැම්බර් වෙද්දි 99%ක් වැඩ අවසන් කර තිබේ. වත්මන් රජය බලයට පත්ව අවුරුදු 04ක් යනකල් මේ රෝහලේ ඉතුරු 01% හදලා විවෘත කරන්න හැකියාවක් ලැබුනේ නැත.
හම්බන්තොට දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී.චානක, ”දිගටම මේ ආණ්ඩුවේ න්‍යාය වුණේ මහින්ද රාජපක්ෂ මහත්තයා සංවර්ධන යෝජනාවලි ගේනවා, මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ඒවා විවෘත කරනවා, රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒවා විකුණනවා. අපිට පේන විදියට හම්බන්තොට රෝහලට වෙන්නෙත් ඒකම තමයි. මහින්ද රාජපක්ෂ මහත්තයා හැදුවා, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විවෘත කළා. තව මාස කිහිපයක් ඇතුළත මේකත් චීන රජයට දේවිද කියලා අපිට සැකයක් තිබෙනවා.
අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු ආණ්ඩුව උත්සාහ කළා මෙය චීන සමාගමකට දෙන්න. හම්බන්තොට වරාය දුන්නු සමාගමටම දෙන්න උත්සාහ කළා. අන්තිමට හම්බන්තොට දිස්ත්‍රීක්කයේ ජනතාවගේ විරෝධය එද්දී එය නැවැතුණා. වසර 04ක් ගතවන තුරුත් මෙය විවෘත කරගන්න බැරි වුණා. මෙහි ප්‍රථිඵලයක් තමයි කිරින්දේදී දියේ ගිලුණු අම්මව හම්බන්තොට රෝහලට අරගෙන එද්දී අවශ්‍ය පහසුකම් තිබුණෙ නැහැ. රෝහලට අවශ්‍ය උපකරණ ගේන්න සියළුම ගිවිසුම් ගත වී තිබුණේ. ඒ උපකරණ වෙනත් රෝහල්වලට

යවා හම්බන්තොට දිස්ත්‍රීක්කයේ ජනතාවගෙන් පළිගත්ත නිසායි එදා ඒ අම්මා ජීවිතක්ෂයට පත් වුණේ.” යනුවෙන් සඳහන් කර සිටියා.

කෙසේ වෙතත් හම්බන්තොට නව රෝහල නවිකරණයට රාජ්‍ය මුදල් අපහරණය නොමැති බවත් චීනයට එලෙස ලබා දීමේ අභිලාශයක් නොමැති බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි. ගිවිසුමක් අත්සන් කරන විට විශේෂ කොන්දේසි ඉදිරිපත් කරන්න බැහැ. මේ පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුවෙන් උපදෙස් ලබාගත්තා. ඒ අනුව අමාත්‍යාංශය විසින් තාක්ෂණික ඇගයීම් කමිටුවක් පත් කළා. සාකච්ඡා පැවැත්වූවා.
විශේෂඥ වෛද්‍යවරුන් උපකරණ භාරගන්න බැහැ කිවුවා. 2018 වසරේ ජුලි 05 දින ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡා පවත්වා මෙම ගැටලුව නිරාකරණය කළා. අවසානයේ එකඟ  වූ මිල ගණන් වලට උපකරණ ලබාදුන්නා. එම සමාගම ඉදිරිපත් කර තිබූ මිල ගණන් දැනට වෙළෙද පොළේ පවතින මිල ගණන් වලට වඩා සියයට 60ක් වැඩියි. අපි වරප්‍රසාද ලබාගත්තේ නැහැ. අපි ජනතා මුදල් ආරක්ෂා කළා. නමුත් අපිට පෙත්සම් ගහනවා. මේ රෝහලට නවීන උපකරණ ලබාදීම ගැන මම සතුටු වෙනවා.
නවීන උපකරණ 54ක් රෝහලට ලබාදෙනවා. මෙම රෝහලට ලබාදෙන සීටී ස්කැනර් යන්ත්‍රය මගින් පිටපත් 128ක් ලබාගන්න පුළුවන්. අද ලංකාවේ තිබෙන නවීනතම සීටී ස්කැනරය තමයි හම්බන්තොට හා නුවරඑළිය මහ රෝහල්වලට ලැබෙන්නේ. මෙම රාජ්‍ය මුදල් අපහරණය හේතුවෙන් තමයි මෙම රෝහල විවෘත කිරීම ප්‍රමාද වුණේ. වත්මන් රජය රාජ්‍ය මුදල් අපහරණය නතර කර ජනතාවට අතිනවීන රෝහලක් ලබාදෙනවා. මෙම රෝහලත් නුවරඑළිය මහ රෝහලත් යහපාලන රජය පොරොන්දු අකුරටම ඉටුකළ ව්‍යාපෘති ලෙසයි මම දකින්නේ.”
  • AS
.
0 1
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *