Tue. Dec 10th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

SLPP නායක මහින්ද , ජනාධිපති අපේක්ෂක ගෝඨාභය

Read Time22Seconds

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සමුළුව අද (11) පස්වරු 3.00ට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී උත්කර්ෂවත් අන්දමින් සිදුවුයේ විවිධ වූ නර්තන වැඩසටහන් විවිධ කතනයන්ද ඇතුළත්වය.

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට පිරිනැමීම මෙම සමුළුවේ දී සිදු කෙරුණ අතර ඉන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාව ප්‍රකාශයට පත් කළේය.

සියලු පුරවැසියන්ට එකට සිට වැඩ කල හැකි පක්ෂයක් ලෙසින් පොදුජන පෙරමුණ බිහිවූ බවත් මෙම පක්ෂය හදන්න මුල් වූ බැසිල් රාජපක්ෂ ඇතුළු කණ්ඩායමට ස්තුතිය පල කරමින් මහින්ද රාජපක්ෂ මහතා පොදුජන ජාතික සමුළුව පැවසුවේ රජය කුමන කෙනෙහෙලිකම් කලත් ජනතාව නිරතුරුවම තමන් සමග සිටින බවය. අද දවස උදාවීම වලක්වා ගැනීමට රජය කටයුතු කල බව සදහන් කරමින් කාලය විසින් තමන්ව නිරෝෂි කර රටට නිර්දේශ කල අවසන් බවද මෙහිදී මතක් කරමින් සදහන් කලේ තම කණ්ඩායමට භාර ගන්නට සිදු වන්නේ විනාශ වූ රටක් බවය. විනයක් ඇති අයෙක්ට මෙන්ම 2020 නොව 2030 දකින අනාගතය බලන කෙනෙක්ට පමණක් මේ රට යහ මාර්ගයට ගත හැකි බවය. එමෙන්ම වෛර කිරීමෙන් ලබා ගත හැකි දෙයක් අද වන විට තමාට වත්මන් දේශපාලනය තුළ නොමැති බවත් මගේ තේරීම නොව රටේ තේරීම තමන්ට වැදගත් බව විපක්ෂනායකවරයා පැවසුවේ පළමුවත් දෙවනුවත් තෙවනුවත් මට රට වැදගත් සේ ගෝඨා ඔබටත් එසේ විය යුතු බවද පෙන්වමින් තමන්ගේ සහෝදරකමෙන් ඔහුව රටට බාර දෙන බවද කියමිනි .

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සමුළුවට පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහභාගී නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා සදහන් කලද ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් අද දිනයේ පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සමුළුවට සහභාගී වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සදහන් කළ පරිදි ඔවුන් සහභාගී වී සිටියේය.

පොදුජන සමුළුවෙන් පසු ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දේශපාලන ගමන ආරම්භ කැළණි රජමහා විහාරයෙනි. ඒ රාත්‍රී 7.30 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වීමට නියමිත ආශිර්වාද පිංකමකමෙනි. එම පිංකමට සහභාගී වීමට පෙර ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් අද පස්වරු 06.00 ට පමණ කැළණිය විද්‍යාලංකාර පිරිවෙන වෙත පැමිණ එහි වැඩවසන මහා සංඝරත්නයේ ආශිර්වාදය ද ලබා ගැනීමට නියමිතය.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් හෙට (12) සිට ලබන 22 වැනිදා දක්වා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රචාරක වැඩසටහන් රැසක් ද සැලසුම් කර ඇති බව පොදුජන පෙරමුණ පවසයි. එමෙන්ම හෙට දිනයේ අනුරාධපුරය රුවන්වැලි මහා සෑය අභියස පැවැත්වෙන විශේෂ ආශිර්වාද පිංකමකට ද ගෝඨාභය මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවේ.

ලබන අගහරුවාදා උදෑසන 06.00 ට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් ජය ශ‍්‍රී මහා බෝධින් වහන්සේ වැඳපුදා ගෙන ආශිර්වාද ලබා ගැනීමට නියමිතය. එදින උදෑසන 09.00 ට අනුරාධපුරයේදී ඉදිරි ජනාධිපතිවරණය සඳහා වන වැඩසටහනකට ද ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ප‍්‍රමුඛ නියෝජිතයින් එක් වන බව පොදුජන පෙරමුණ පවසයි.

එදින පස්වරු 01.00 ට පමණ එම පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ නියෝජිතයින් පිරිස අනුරාධපුරයේ සිට රිය පෙරහැරකින් මහනුවර නගරය දක්වා පැමිණීමමෙන් පසුව නිකිණි පොහොය දා දළදා වහන්සේ වැඳපුදා ගැනීමට ද නියමිතව තිබේ. එදිනම මල්වතු සහ අස්ගිරි මහ නායක හිමිවරුන් ද බැහැදැකීමටයි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂකයා සහ එහි නියෝජිතයින් සැලසුම් කර ඇත.

අනතුරුව ලබන 15 වැනිදා එම පිරිස කතරගමද 16 වැනිදා රුහුණු කතරගම මහා දේවාලයේ පැවැත්වෙන විශේෂ දේව පූජාවකට ද ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂකයා සහ එහි නියෝජිතයින් එක්වේ. අනතුරුව ඔවුන් රිය පෙරහැරකින් කතරගම නගරයේ සිට මැදමුලන දක්වා ගමන් ආරම්භ කිරීමට නියමිතය.

ලබන 17 වැනිදා එම රිය පෙරහැර මැදමුලන සිට කොළඹ බලා පැමිණීමට නියමිතය. ඒ අතරතුර එම පිරිස බේරුවල පිහිටි මුස්ලිම් දේවස්ථානයකට ද පැමිණීමටයි නියමිතව බවද පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයාගේ ගමන් ගැන සදහන් කරමින් පවසයි.

 

  • AS

 

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *