Sun. Aug 18th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

නව ශ්‍රී ලංකාවක් ගොඩ නැගීමේ අරමුණින් සජිත් බදුල්ලෙන් සිය පළමු රැළිය ආරම්භ කරයි

Read Time11Seconds

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස සහභාගී වන රැළිය බදුල්ල විල්ස් පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

එකතුවීමේ ශක්තියෙන් නව ශ්‍රී ලංකාවක් බිහි කල යුතු බවත් රටට හානිදායි කිසිම ආරක්ෂක දේශපාලන වෙළද ගිවිසුමක් අත්සන් නොකර බවද ඔහු රැළිය අමතමින් පැවසුවේය. තමන්ගේ නව ගමන තුල නව රාජ්‍ය පාලනය තුල මනුෂ්‍යත්වයට මුල් තැන දෙමින් තම පිය රට වෙනුවෙන් ජිවිතයට පරිත්‍යාග කළා සේ තමන්ද බිය නැතුව රටට ජනතාව වෙනුවෙන් මිය යන්න වුවත් තමන් සුදානම් බවද ඔහු සදහන් කළේය. සියලු දෙනාටම ඒකරාශිව සජිත් සන්ධානය සමග රට දිනවන්න එක්වන්නයිද ඔහු රැළිය අමතමින් ජනතාවට ආරාධනා කළේය.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස සමග ආණ්ඩුව නියෝජනය කරන හරීන් ප්‍රනාන්දු, රංජිත් මද්දුම බණ්ඩාර ඇතුලු ඇමතිවරුන් මෙන්ම වඩිවේලු සුරේෂ්, දිලීප් වෙදආරච්චි ඇතුලු රාජ්‍ය අමාත්‍යවරුන් සහ එක්සත් ජාතික පක්ෂයේ තවත් මහජන නියෝජිතයින් රැසක් රැළියට සහභාගී විය.

මෙහිදී සජිත් ප්‍රේමදාස මහතා යනු හොර මැර නැති සැබෑ සිංහල බෞද්ධ නායකයෙකු බවත් ඔහු අවුරුදු 30ක අත්දැකීම් බහුල නායකයෙක් බවත් මිනිසුන්ගේ ගඳ සුවඳ හඳුනන නායකයෙක් බව ද රජයෙන් යම් යම් වැරදි අඩු පාඩු සිදු වුවද මේ වන විට නියම නායකයා සජිත් ප්‍රේමදාස මහතා ලෙස හඳුනාගෙන ඇති බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසුවේ තමන් ජීවිතය පරදුවට තබා හෝ සජිත් ප්‍රේමදාස මහතා ජනපති කිරීමට තමන් කැපවෙන බවත් ප්‍රකාශ කරමිනි.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *