Sun. Aug 18th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

ඉන්දීය ධීවරයින් 7කු නාවික හමුදාවෙන් අත්අඩංගුවට

Read Time12Seconds

නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් හත්දෙනෙකු  සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් නාවික හමුදාවෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

උතුරු නාවික විධානය මඟින් ඩෙල්‍‍ෆ් ප්‍රදිපාගාරයට වයඹ දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී සිදු කරනු ලැබු මුර සංචාරයක් අතරතුරදි නීති වි‍රෝධි ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ මසුන් අල්ලමින් සිටියදී මොවුන් මෙලෙස නාවික හමුදා බාරයට ගෙන ඇත.

නාවික හමුදා බාරයට ගත් ඉන්දීය ධීවරයින් සහ ට්‍රෝලර් යාත්‍රාව ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්ථමේන්තුව වෙත බාරදීමට කටයුතු කර ඇති අතර, පසුව ධීවරයින් සහ ට්‍රෝලර් යාත්‍රාව ශ්‍රී ලංකා නාවික නෞකා එළාර ආයතනය වෙත රැගෙන ඒමට කටයුතු කරන ලදී.

නාවික බාරයට පත් පුද්ගලයින් වයස අවුරුදු 18, 20, 26, 42 සහ 47 වන වියෙහි පසුවන අයවළුන් බව හඳුනාගෙන ඇති අතර, එම ධීවරයින් පිරිස වෛද්‍ය පරීක්‍ෂණයකට භාජනය කිරීමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, සහකාර ධිවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට නියමිතය.


0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *