Sun. Dec 8th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

කේරළ ගංජා කිලෝ 123 ක් සමග සිව්දෙනෙකු අත්අඩංගුවට

Read Time9Seconds

නාවික හමුදාව සහ පොලිසිය සිදු කළ වැටලිමකදි යාපනය, පණ්ඩතිරිප්පු ප්‍රදේශ‍ය්දි කේරළ ගංජා සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

උතුරු නාවික විධානය සහ ඉල්ලවාලෙයි, පොලිසිය එක්ව පණ්ඩතිරිප්පු ප්‍රදේශයේ සිදු කළ වැටලිමකදී නිවසක් තුල සඟවා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 39.32 ක් සොයා ගෙන ඇති අතර, එහිදි නිවසේ සිටි සැක කටයුතු පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් පුද්ගලයා වයස අවුරුදු 27 වන වියෙහි පසුවන එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ කේරළ ගංජා සම්බන්ධයෙන් ඉදිරි පරීක්‍ෂණ කටයුතු ඉල්ලවාලෙයි, පොලිසිය විසින් සිදුකරනු ලබයි.

මේ අතර කීරමලේ ප්‍රදේශය ආශ්‍රිත වෙරළ තීරයේදී ද කේරළ ගංජා කිලෝග්‍රෑම් 83.9 ක් සමඟ සැක කටයුතු පුද්ගලයින් තිදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන යාපනය, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත භාර දීමට ද කටයුතු කොට ඇත.

ඒ අනුව මෙම වැටලිම් වලදි කේරළ ගංජා කිලෝග්‍රෑම් 123 ග්‍රෑම් 22 ක් සමග සැකකරුවන් සිවිදෙනෙකු නාවික හමුදාව භාරයට ගෙන තිබේ.

නාවික හමුදාව විසින් සිදු කරනු ලබන අඛණ්ඩ මෙහෙයුම් හේතුවෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් කටයුතු මැඩපැවැත්විමට හැකිවී ඇති බවද නාවික හමුදාව පවසයි.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *