Sun. Dec 8th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

ජම්මු හා කාශ්මීරයේ තත්ත්වය පිළිබඳව පාකිස්තානය ශ්‍රී ලංකාවට කරුණු පැහැදිලි කරයි

Read Time5Seconds

ජම්මු හා කාශ්මීරයේ තත්ත්වය පිළිබඳව පාකිස්තානය ශ්‍රී ලංකාවට කරුණු පැහැදිලි කර තිබේ.

ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල්හ  ෂාහිඩ් අහමඩ් හෂ්මාත්  විපක්ෂ මහින්ද රාජපක්ෂ මහතා හමුවී ජම්මු හා කාශ්මීරයේ නවතම තත්ත්වය පිළිබඳව ඔහු දැනුවත් කළ බව කොළඹ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

ජම්මු හා කාශ්මීරයේ විශේෂ තත්ත්වය අහෝසි කිරීමට ඉන්දියාව ගත් ඒකපාර්ශ්වික ක්‍රියාමාර්ග ජාත්‍යන්තර නීතිය බරපතල ලෙස උල්ලං ඝනය කිරීමක් බව මහ කොමසාරිස්වරයා විපක්ෂ නායකවරයාට දන්වා සිටියේය.

ජාත්‍යන්තරව පිළිගත් මතභේදාත්මක භූමි ප්‍රදේශයක් බැවින් ජම්මු හා කාශ්මීරයේ ජන විකාශන ව්‍යුහය වෙනස් කිරීමට උත්සාහ කරන ඕනෑම පියවරකට පාකිස්තානය දැඩි ලෙස විරුද්ධ බව ඔහු අවධාරණය කළේය.

මෙම නීතිවිරෝධී පියවර මගින් කලාපයේ සාමය හා ආරක්ෂාව සඳහා බරපතල තත්වයක් ප්‍රදේශයේ  ඇති කිරීමේ හැකියාවක් ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

ආරක්ෂක මණ්ඩලයේ විවිධ යෝජනා වලට අනුකූලව එක්සත් ජාතීන්  ජනමත විචාරණයකින් ජම්මු හා කාශ්මීර ආරවුලේ අවසාන විසඳුම තීරණය කළ යුතු බව ඔහු අවධාරණය කළේය.

දකුණු ආසියාවේ සාමය හා සමගිය ප්‍රවර්ධනය කිරීම සඳහා සාර්ක් රටවල් අතර සහයෝගීතාවයේ වැදගත්කම මහ කොමසාරිස්වරයා අවධාරණය කළේය.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *