Sun. Dec 8th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

නාය යෑමේ අනතුරු අගවයි

Read Time4Seconds

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට නාය යෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ.

එම දිස්ත්‍රික්කයේ අඹගමුව, කොත්මලේ සහ නුවරඑළිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුළ පිහිටි කදුකරු බෑවුම් හා ඒ ආශ්‍රිත ප්‍රදේශ සදහා මෙම නායයෑමේ අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කරයි.

අදාළ ප්‍රදේශවලට ගතවූ පැය 24 ක කාලය තුළ මිලිමීටර් 75 කට වැඩි වර්ෂාපතනයක් ඇද හැලීම හේතුවෙන් නාය යෑම්, බෑවුම් කඩා වැටීම්, ගල් පෙරලීම්, පොළොව ගිලාබැසීම් හා පස් කන්ඩි කඩා වැටීමේ අවදානමක් පවතින බව එම සංවිධානය වැඩි දුරටත් පෙන්වාදෙයි.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *