Sat. Aug 24th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

අගමැති රනිල් වික්‍රමසිංහ තම පියාගේ මරණය ජන්දය දිනා ගැනිම සඳහා යොදා ගැනිමට උත්සාහා කරන බවට ලසන්තගේ දියණිය චෝදනා කරයි

Read Time21Seconds

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තම පියාගේ මරණය ජන්දය දිනා ගැනිම සඳහා යොදා ගැනිමට උත්සාහා කරන බවට මාධ්‍යවේදි ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය අහිම්සා වික්‍රමතුංග චෝදනා කරයි.

අග්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් අහිම්සා වික්‍රමතුංග පවසන්නේ 2015 ජනාධිපතිවරණයේදි තම පියාගේ මරණය රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් යොදාගත් බවය

ඇය යොමු කළ ලිපියේ මෙසේ සඳහන් වෙයි.

 

අග්‍රාමාත්‍යතුමණි.

2009 වසරේ ජනවාරි 8 වන දින ඝාතනයට ලක්වු මාගේ පියා මෙන්ම ඔබගේ සමීප මිතුරෙකු වු ලසන්ත වික්‍රමතුංග  මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් ඊයේ පැවති දේශපාලන රැස්විමකදි ඔබ සඳහන් කළා .

තමා ජනාධිපත ලෙස තම පාලනය යටතේ බියෙන් තොර පරිසරයක් නිර්මාණය කරන බවට ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඔබ ප්‍රශ්න කර සිටියේ මාගේ පියාගේ ඝාතනය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා සමාව අයද සිටින්නේද යන්නයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා මාගේ පියාගේ ඝාතනය සම්බන්ධයෙන් කිසිවිටෙක සමාව අයදින්නේ නැත.

පසුගිය වසර 10 තුළ පැවති රූපවාහිනි සම්මුඛ සාකච්ජාවලදි  ඔහු මේ පිළිබඳව ආඩම්බර වු බවද රහසක් නොවේ.

සමාව ඉල්ලිමට ඔහුට අදහසක් නොවේ.නමුත් සමුහ ඝාතකයෙකු ලෙස ඔබ විසින් හඳුන්වනු ලබන පුද්ගලයා පසුගිය වසර හතරහමාරක කාලය තුළ ආරක්ෂාකාරිව සහ රැකවරණ සහිතව ගත කිරිම සම්බන්ධයෙන් අගමැතිවරයා ලෙස ඔබ සමාව අයදින්නේද ?

මාගේ පියා මිය ගිය දින සිට ඔබ ජන්දය දිනාගැනිම සඳහා ඔහුගේ නම යොදාගෙන ඇත.

ඔබ ජනාධිපති සිරිසේන මහතා බලයට ගෙනවිත් පියාගේ  ඝාතනයට සාධාරණය ඉටුකරන බවට පොරොන්දු වි එක්සත් ජාතික පක්ධයේ පාලනය දිනා දුන්නා.

ඔබ බලයට පත්වු වහාම ඔබේ ප්‍රමුඛතා ලැයිස්තුව වෙනස් විය .

මාගේ පියාගේ ඝාතනයට සාධාරණය  ඉටු කිරිම සහතික කර ගැනිම සඳහා 2015 පෙබරවාරි මස අරලියගහ මන්දිරයේදි මා ඔබව හමුවිය.එහිදි තවත් ප්‍රමුඛ කාර්යයන් බවත් යුක්තිය ඉටුකිරිම ලසන්තට පමණක් නොවන බවත් ඔබ කියා සිටියා.එම ප්‍රමුඛතා මොනවාදැයි මම එතන සිට දැක ඇත්තෙමි.

නමුත් ඔබ ගෝඨාභය රාජපක්ෂ මහතා නීතිය හමුවට ගෙනාවේ නැත. මිග් ගනුදෙනුව පිළිබඳ වංචාව තහවුරු කිරීම මාගේ පියාගේ මරණය ඝාතනයක් බවට තහවුරු කිරිම තීරණාත්මක සාධකයක් විය.නමුත් ඔබගේ අධීක්ෂණය යටතේ පැවති FCID ය භාර දුෂිත නිලධාරින් මිග් ගනුදෙනුව පිළිබඳ විමර්ශන ආරම්භකොට ගෝඨාභයගේ නම ඉන් ඉවත් කර තැබුවා.

එම කාලය මැතිවරණ සමයක් බැවින් ඔහු ඝාතකයෙකු ලෙස හඳුන්වමින් ප්‍රසිද්ධියේ චෝදනා  කළා.

ඒ අතරතුර සාගල රත්නායක ඇතුළු ඇමතිවරු ඔහු වෙත ගොස් ඔහුගේ නිවසේ පැය ගණන් කාලය ගත කළා. ඔබගේ රජය ඔහු වෙනුවෙන් අක්‍රමවත් හැඳුනුම්පත් හා ගමන් බලපත්‍ර සකස්කර දි ඇති බවට චෝදනා එල්ල වෙයි.

එමෙන්ම ඔබගේ ජේෂ්ඨ සහයකයා සහ ඥාතිදියණියක සමාජ මාධ්‍ය හරහා ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රසිද්ධියේ ප්‍රවර්ධනය කරමින් සිටියි.ඔබ විසින්ම ඝාතකයින් ලෙස හඳුවනු ලබන පුද්ගලයින්ට ඔබ හා ඔබේ කාර්ය මණ්ඩලය දක්වන සැලකිල්ල මෙයයි.

හමුදාව බුද්ධි අංශ තම පියාගේ ඝාතන පරික්ෂණවලට සහයෝග ලබා දිම ප්‍රතික්ෂේප කල විට අගමැතිවරයා ලෙස ඔබ සිටින්නේ කෙසේද?

ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි වැදගත් තොරතුරු  සපයන්නෙකුට ආරක්ෂාව සපයන්නැයි ඉල්දු විට ඔබ කළේ කුමක්ද?

මාගේ පියාගේ ඝාතනය පිළිබඳ විමර්ශනය කළ පොලිස් පරික්ෂක නිශාන්ත සිල්වා මහතා ජනාධිපතිවරයා විසින් රහස් පොලිසියෙන් ඉවත් කළ  අවස්ථාවේදි ඊට විරෝධය පල කර කටයුතු නොකළේ ඇයි?

දැන් මාස ගණනාවක් තිස්සේ නීතිපතිවරයා විසින් ගෝඨාභය රාජපක්ෂ සහ ඝාතන කල්ලිය පිළිබඳ පරික්ෂණ බලහත්කාරයෙන් වසා දමා ඇති අතර ඔවුන්ගේ මීට ඇති මැදිහත්විම වසන්කර තිබේ.

එක්නැලිගොඩ මහතා පැහැර ගැනිමට පෞද්ගලිකව නියෝග කළ වට නිලධාරින් දෙදෙනෙකු පාපොච්චාරණය කර තිබියදිත් ගෝඨාභය රාජපක්ෂ මහතා එම නඩුවෙන් ඉවත් විය.

මෙම පාපොච්චාරණය ගැන රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කළේ ද නැත.

උපාලි තෙන්නකෝන මහතාට යතුරුපැදි 4ක් යොදාගනිමින් කළ පහරදීම සම්බන්ධයෙන් කණිෂ්ඨ හමුදා සොල්දාදුවන් දෙදෙනෙකුට පමණක් චෝදනා එල්ල කර ඇත.රාජපක්ෂ සහ ඝාතන කල්ලිය ඉන් ඉවත්ව ඇත.

ඒ පිළිබඳව වගවිම සඳහා අගමැතිවරයා ලෙස ඔබ අර්ථවත් යමක් කර තිබේද?

ඒ වෙනුවට ඔබේ පවුලේ අය සහ ජේෂ්ඨ කාර්ය මණ්ඩලය ගෝඨාභය රාජපක්ෂ මහතා සමග තවදුරටත් බැදි සිටින අතර ඔබ ඔහුව ප්‍රසිද්ධියේ ඝාතකයෙකු ලෙස හඳුන්වයි.

දැන් මාගේ පියාගේ අභාවය ගැන පුරසාරම් දෙඩු පුද්ගලයා විධිමත් ලෙස ජනාධිපති අපේක්ෂකයෙකු බවට පත්ව ඇති අතර ඔහුගේ ප්‍රතිවාදියා යුක්තිය ,නිතිය ,හා සමාන රැකවරණය ලබාදෙන පරිණත හා වගකිවයතු පාලනයක් දැරිය හැකි අවංක හා ධෛර්ය සම්පන්න දේශපාලඥයෙකු වේවායි පතමි.

එමෙන්ම එම අපේක්ෂකයා මෙන්ම රාජපක්ෂගේ විරුද්ධවාදි අපෙක්ෂකයා තම දේශපාලන පැවැත්ම උදෙසා තම පක්ෂයට හා රටට අහිතකර නොවන පසුගාමි ගනුදෙනුවලින් පරිභාහිර හා මුලධර්මවලට පටහැනි නොවන අයෙකු වන්නැයිද ප්‍රාර්ථනා කරමි.

සුදු වෑන් යුගයේ මිලේජ්ත්වයට ගොදුරුවු මා ඇතුළු අනෙකුත් පුද්ගලයින් සඳහා අවසාන බලාපොරොත්තුවක් තිබේ.

ගෝඨාභය රාජපක්ෂට අභියෝග කළ යුත්තේ පාලනයේ සිටියදි යුක්තිය ඉටු කිරිමට කැපවන්නකු මිස මැතිවරණ ජයග්‍රහණ සඳහා පමණක් වින්දිතයන් නිල නිවසේදි මිනිමරුවන් සමග විනෝදවන පුද්ගලයෙකු නොවේ.

සරලව කිවහොත් මේ රට තවදුරටත්ඔබගේ  දයාවෙන් හෝ ඔබගේ නව මිත්‍රයා වන ගෝඨාභය රාජපක්ෂගේ දයාවෙන් නම් ඔබගේ පැරණි මිතුරා වන මාගේ පියා ලසන්ත වික්‍රමතුංගට යුක්තිය ඉටුවනු ඇතැයි බලාපොරොත්තු විය නොහැක.

 

අහිම්සා වික්‍රමතුංග

 

ඉහත ලිපියේ පිටපත් එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු කණ්ඩායමට සහ එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයින්ට යොමු කර තිබේ.

 

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *