Sat. Aug 24th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

ඉහළ ගිය ජල මට්ටම් සාමාන්‍ය වුවත් අවධානයෙන් ඉන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක්

Read Time4Seconds

පැවති වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ගංගා කිහිපයක ඉහළ ගොස් තිබූ ජල මට්ටම් මේ වන විට සාමාන්‍ය මට්ටමකට පැමිණියත් නායයෑමේ අනතුරු ඇගවීම් නිවේදන පිළිබඳව තවදුරටත් සැලකිලිමත් විය යුතු බව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මේ අතර නෝර්වුඩ්, නිව්වැලිබංගලා කොටසේ නාය යෑමේ අවදානමක් හේතුවෙන් නිවාස 10 ක පදිංචිකරුවන් 59 දෙනෙකු එම ස්ථානයෙන් ඉවත් කර ඇත.

පැවති අධික වර්ෂාපතනය හේතුවෙන් පස් කන්දක් කඩා වැටී නිවාස 03 කට අලාභ හානි සිදුව ඇති අතර අවදානම් තත්ත්වයේ පවතින නිවාස 10ක පදිංචිකරුවන් මෙලෙස ඉවත් කර ආරක්ෂක ස්ථානවල රැදවීමට පියවර ගෙන ඇති බව පොලිසිය පවසයි.

අද (14) දිනයේ ද බස්නාහිර, දකුණ, සබරගමුව, උතුරුමැද, වයඹ, උතුර සහ මධ්‍යම පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට ද පැයට කිලෝමීටර් 60 ක් පමණ දක්වා වන තද සුළං තත්ත්වයක් හටගනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම අධික වර්ෂාව සහ නායයෑම් සහ නායයෑම් හේතුවෙන් පවුල් කිහිපයක් විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ අවතැන් වී ඇත.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *