Tue. Dec 10th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

කළු ගගේ ජල මට්ටම ඉහළට. ඕනෑම ආපදාවකට රජ්‍ය සුදානමින්

Read Time6Seconds

කළු ගඟේ මිල්ලකන්ද ජල මිනුම් ස්ථානයේ ජල මට්ටම මීටර් හයයි දශම පහයි බින්දුවක් ලෙස සටහන්ව ඉහල යමින් තිබෙන තිබේ. මේ හේතුවෙන් පාලින්දනුවර, බුලත්සිංහල, කිරිඇල්ල, ඉංගිරිය, මදුරාවල, මිල්ලනිය සහ කළුතර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල කළු ගඟ අවට පහත් බිම්වල සිටින ජනතාව අවධානයෙන් සිටිය යුතු බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම ඕනෑම හදිසි ආපදා තත්ත්වයකට මුහුණ දීමට රජය සූදානම් බවත් විපතට පත්වන පුද්ගලයන් මුඳවා ගැනීමට හා ඔවුන්ට සහන සේවා සැපයීම සඳහාත් සියලුම දිස්ත්‍රික් ලේකම්වරු සහ ප්‍රාදේශීය ලෙකම්වරු දැනුම්වත් කර ඇති බවත් අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

දැනට අධික වැසි පවතින දිස්ත්‍රික්කයන්හි දිසාපතිවරුන් මඟින් සියලුම ප්‍රාදේශීය ලේකම්වරු සහ ග්‍රාම නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන් මේ සම්බන්ධයෙන් දැනුම්වත් කර ඇති බව අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසුවේය.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *