Sat. Aug 24th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

ටිකිරි ඇතින්න අවසන් පෙරහැරට සහභාගි නොවෙයි

Read Time5Seconds

සමාජ මාධ්‍ය තුළ ඇති වූ  ප්‍රචාර සමග  70 හැවිරිදි ටිකිරි ඇතින්න  ඇසළ පෙරහරේ ගමන් නොකරවිමට තිරණය කර තිබේ.

දළදා මාළිගාවේ දියවඩන නිලමේ  ප්‍රදීප් නිලංග  දෑල මහතා  පැවසුවේ බදාදා පැවැත්වෙන  අවසන් මහා පෙරහැරට ටිකිරි සහභාගී නොවන බවයි.

ඇතින්නගේ සෞඛ්‍ය තත්ත්වය සැළකිල්ට ගෙන ඇය අවසන් පෙරහැරට සහභාගි නොකරන බව ඇතින්නගේ හිමිකරුවන් පවසා තිබේ.

ආසියාවේ අලි විශේෂඥයෙකු වන  ජයන්ත ජයවර්ධන සඳහන් කළේ මෙම  සත්වයාට මෙලෙස  සැලකීම අමානුෂික ක්‍රියාවක් බවයි.

අයිතිකරුවන් තම අලි ඇතුන් පෙරහැරට යොදවන්නේ යන්නේ  තමන්ට සම්මාන ලබා ගැනීම සඳහා බවත් මෙයට කිසි විටෙකත් ඉඩ නොතැබිය යුතු බවද ජයවර්ධන ඒ එෆ් පි පුවත් සේවයට පවසා තිබේ.

සේව් එලිෆන්ට් පදනමේ නිර්මාතෘ ලීක් චයිලර්ට් සමාජ මාධ්‍ය ඔස්සේ කියා සිටියේ ටිකිරි අලංකාර  ඇඳුමකින් ආවරණය වී ඇති නිසා ඇය කෙතරම් දුර්වල දැයි ප්‍රේක්ෂකයන්ට වැටහෙන්නේ නැති බවයි. “ඇගේ ඇඳුම නිසා ඇගේ අස්ථි ශරීරය හෝ ඇගේ දුර්වල තත්වය කිසිවෙකු දකින්නේ නැහැ. වෙස්මුහුණ අලංකාර කරන දීප්තිමත් විදුලි පහන් නිසා ඇගේ දෑස් වල කඳුළු කිසිවෙකු දකින්නේ නැත, ඇය ඇවිදින විට ඇගේ කකුල් කෙටි විලංගු ඇති බැවින් ඇයට පියවර තැබීමට අපහසු බව කිසිවෙකු දකින්නේ නැති බවත්ය.

 

 

 

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *