Tue. Dec 10th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

ශ්‍රී ලංකාවට කොන්දේසි විරහිතව සහයෝගය ලබාදෙන බව පාකිස්ථානය කියයි

Read Time12Seconds

සෑම විටම ශ්‍රී ලංකාවට කොන්දේසි විරහිතව සහයෝගය ලබා දී ඇති බවත්, විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව සහ භෞමික අඛණ්ඩතාව සම්බන්ධයෙන් එය දිගටම කරගෙන යන බවත් පාකිස්තානය පවසයි.

ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය 73 වන නිදහස් දිනය නිමිත්තෙන් උත්සවයක් අද මහ කොමසාරිස් කාර්යාලයේ දී පැවැත්වීය.

පාකිස්තාන ප්‍රජාව සහ විවිධ තරාතිරමේ සම්භාවනීය අමුත්තන් එක්ව මහ කොමසාරිස් මේජර් ජෙනරාල් ආචාර්ය ෂාහිඩ් අහමඩ් හෂ්මාත් දිනය සැමරීම සඳහා ජාතික ධජය ඔසවා තැබීය. පාකිස්තාන ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ පණිවිඩද මෙහිදි කියවන ලදී.

මෙම අවස්ථාවේදි  මහ කොමසාරිස්වරයා කියා සිටියේ පාකිස්තානය සාමයට ලැදි රටක් බවත් එය විශාල පරිත්‍යාගයන්ගෙන් නිර්මාණය වූ බවත්ය. විශේෂයෙන් දකුණු ආසියාවේ සාමය හා ස්ථාවරත්වය සඳහා පාකිස්තානය සැමවිටම සහයෝගය ලබා දී ඇති බව ඔහු පැවසීය.

අන්‍යෝන්‍ය ගෞරවය, අවබෝධය සහ සමීප සහයෝගීතාවය මත පදනම් වූ ශ්‍රී ලංකාව සමඟ ඇති සබඳතාවලට පාකිස්තානය විශාල වැදගත්කමක් ලබා දෙන බව ශ්‍රී ලංකා-පාකිස්තාන සබඳතා පිළිබඳව මහ කොමසාරිස්වරයා පැවසීය. පාකිස්තානය සෑම විටම ශ්‍රී ලංකාවට කොන්දේසි විරහිතව සහයෝගය ලබා දී ඇති බවත්, විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව සහ භෞමික අඛණ්ඩතාව සම්බන්ධයෙන් එය දිගටම කරගෙන යන බවත් ඔහු පැවසීය.

ඉන්දියාව සමග පවතින සාධාරණ නිදහස් අරගලයකදී කාශ්මීරයන් සමඟ පාකිස්තානයේ සදාචාරාත්මක, දේශපාලන හා රාජ්‍ය තාන්ත්‍රික සහයෝගය සහ සහයෝගීතාවය ප්‍රකාශ කිරීම සඳහා කාශ්මීර සහයෝගීතා දිනය ලෙස මේ වසරේ නිදහස් දිනය සැමරීමට පාකිස්තාන රජය තීරණය කර ඇති බව මහ කොමසාරිස්වරයා අවධාරණය කළේය.

ජම්මු හා කාශ්මීරයේ ජාත්‍යන්තරව පිළිගත් මතභේදාත්මක තත්ත්වය වෙනස් කිරීම සඳහා ඉන්දියාව විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනාවන් උල්ලං ඝණය කිරීමක් බව ඔහු වැඩිදුරටත් පැවසීය.

ජම්මු හා කාශ්මීරයේ ජන විකාශන ව්‍යුහය වෙනස් කිරීමට ගන්නා ඕනෑම උත්සාහයක් ජාත්‍යන්තර නීතිය උල්ලංඝණ ය කිරීමක් බව ඔහු පැවසීය. දශක හතක පැරණි ආරවුල සාමකාමී මාර්ගයෙන් සහ දීර් ඝකාලීන එක්සත් ජාතීන්ගේ යෝජනාවලට අනුකූලව විසඳීමට පාකිස්තානය සෑම විටම ඉල්ලා සිටින බව ඔහු අවධාරණය කළේය.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *