Sun. Aug 18th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

ශ්‍රී ලංකාවට යුරෝපා සංගමයෙන් ඩොලර් මිලියන 8.5 ක්

Read Time19Seconds

ප්‍රචණ්ඩ අන්තවාදය වැළැක්වීම, ප්‍රජා ප්‍රතිරෝධය ගොඩනැගීම සහ සාමය  ප්‍රවර්ධනය කිරීම සඳහා වූ ශ්‍රී ලංකාවේ ප්‍රයත්නයන් සඳහා යුරෝපා සංගමයෙන් ඩොලර් මිලියන 8.5 ක් වෙන් කර තිබේ.

අභ්‍යන්තරව අවතැන් වූවන් සහ සරණාගතයින්ට නැවත තම භූමියට පැමිණීමට හැකිවීම තුළින් අඛණ්ඩව සාමය ගොඩනැංවීමේ ක්‍රියාවලියට එය දායක වේ.

ත්‍රස්තවාදයේ හා ප්‍රචණ්ඩ අන්තවාදයේ අභියෝග හමුවේ ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට යුරෝපා සංගමයේ සූදානම පිළිබඳව අවධාරණය කළ  උසස් නියෝජිතවරිය සහ උප සභාපති වන ෆෙඩරිකා මොගෙරිනි මේ මස මුලදී ශ්‍රී ලංකා විදේශ ඇමතිවරයා හමුවීමෙන් පසුව මෙම මුදල් වෙන් කිරීම සිදු විය.

ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයින් 258 දෙනෙකු මිය ගොස් තවත් බොහෝ දෙනෙකුට තුවාල සිදු විය. මෙවැනි ත්‍රස්ත ප්‍රහාර වැළැක්වීම සහ ඊට ප්‍රතිචාර දැක්වීම ශ්‍රී ලංකාවට අමතර අභියෝගයක් වන අතර සරණාගතයින්, අභ්‍යන්තරව අවතැන් වූවන්  පුපුරන සුලු අපද්‍රව්‍ය වලින් විනාශ විය හැකි බවට හඳුනාගෙන ඇත

මෙම මුදල්  මානව හිමිකම්වලට අනුකූලව ත්‍රස්තවාදී තර්ජන හා ප්‍රහාර වැළැක්වීමට සහ ඒවාට ප්‍රතිචාර දැක්වීමට ශ්‍රී ලංකා ප්‍රතිපත්ති සම්පාදකයින්ට, නිසි බලධාරීන්ට සහ ආරක්ෂක හා අධිකරණ අංශවලට සහාය වනු ඇත. එය ප්‍රචණ්ඩ අන්තවාදය වැළැක්වීම කෙරෙහි අවධානය යොමු කරනු ඇති අතර, ගෝලීය සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් සමඟ හවුල්කාරිත්වය තුළින් ධනාත්මක දැනුවත් කිරීමේ වැඩසටහන් දියත් කිරීමට හා බෙදා හැරීමට අදාළ දේශීය පාර්ශවකරුවන්ට සහාය වනු ඇත. එය ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ  දිස්ත්‍රික්ක තුනෙහි බිම් බෝම්බ ඉවත් කිරීමේ අවසාන අදියර සඳහා දායක වන අතර ජාතික සහජීවනය සහ ප්‍රතිසන්ධානය ශක්තිමත් කිරීම සඳහා සාමය ගොඩනැගීම කෙරෙහි අවධානය යොමු කරනු ඇත.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *