Sun. Aug 18th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

අපරාධ කල්ලි දෙකක් ගැටී රංග සහ තවත් අයෙක් මරුට

Read Time3Seconds

ග්‍රෑන්පාස් පොලිස්,වසමේ මාදම්පිටිය කනත්ත අසලදී තියුණු ආයුධවලින් ඇන පුද්ගලයින් දෙදෙනෙක් ඝාතනය කර තිබේ. එහිදී සංවිධානාත්මක අපරාධකරුවෙක් වන ආනමාළු රංග සහ තවත් පුද්ගලයෙක් ඝාතනයට ලක්ව ඇතැයි පොලීසිය පවසයි.

මෙය සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක් අතර ඇතිවු ගැටුමකින් සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

එහිදී එක් ත්‍රීරෝද රථයක පැමිණි පුද්ගලයින් සිව් දෙනෙක් විසින් අනෙක් ත්‍රීරෝද රථයේ සිටි දෙදෙනෙකුට මන්නා පිහි පිහිවලින් ඇන මෙම ඝාතනය සිදු කර තිබේ.

 

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *