Sat. Aug 24th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

ඇසළ පෙරහැර මංගල්‍ය සාර්ථකව අවසන්

Read Time6Seconds

මෙවර මහනුවර ඇසළ පෙරහැර මංගල්‍ය සාර්ථකව අවසන් කළ බව දැක්වෙන පෙරහැර සංදේශය අද (15) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට භාර දීමට නියමිතය.

ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ප්‍රමුඛ සතර මහා දේවාලවල බස්නායක නිලමේතුමන් විසින් ජනාධිපති මන්දිරයට ගොස් ජනාධිපතිවරයා වෙත සංදේශය භාරදීමෙන් අනතුරුව මෙවර ඇසල පෙරහැර මංගල්‍ය නිල වශයෙන් නිමාවට පත්වීය.

මෙවර මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ 05 වන රන්දෝලී පෙරහැර හෙවත් මහා පෙරහැර ඊයේ රාත්‍රී මහනුවර නගරයේ වීදි සංචාරය කෙරුණා අතර ඊයේ දිනයේ පෙරහැර කරඬුව වැඩමවීම සිදුකරනු ලැබුවේ රුහුණු කතරගම මහ දේවාලයේ වාසනා හස්තියා විසින් වන අතර දෑල ඇතුන් ලෙස දළදා මාලිගා ඇත් පන්තියේ සිංහ රාජා හා මියන් රාජා ගමන් කරනු ලැබුවේය.

ඝණදෙවි කෝවිල ඉදිරිපිටින් ආරම්භ වන සිව් මහා දේවාල පෙරහැර සහ අස්ගිරි ගෙඩිගේ මහා විහාරයෙන් ආරම්භ වන දහවල් පෙරහැර ශ්‍රී දළදා මාලිගා චතුරස්‍රයේ තෙවරක් ප්‍රදක්ෂිනා කොට දළදා මාලිගා පෙරහැර මාලිගාවටත් ඒ ඒ දේවාල පෙරහැර දේවාලවටත් අද පස්වරුවේ ගෙවිදීමට නියමිතවය.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *