ශ්‍රී ලාංකිකයකු චෙන්නායිහිදී අතුරුදහන්
Read Time2Seconds
සිංහල ජාතිකයෙකු ඉන්දියාවේ චෙන්නායි නුවරදී අතුරුදන්ව තිබේ.
පසුගිය මාසයේ සිට 26 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙකු මෙලෙස අතුරුදන්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
අදාල තරුණයා ශ්‍රී ලංකාවේ සිට බැංගලෝර් ගුවන් තොටුපලට ගොස් ඇති අතර පසුව සිය ඥාතීන් පිරිසක් මුණ ගැසීම සඳහා චෙන්නායි නුවර බලා පිටත්ව ගොස් ඇති අතර කෙසේවෙතත් චෙන්නායි ගුවන් තොටුපලට ලඟා වූ තම පුත්‍රයා ඥාතී නිවසට පැමිණ නොමැති බවට ඔහුගේ මවට අනාවරණය වී ඇති අතර ඒ අනුව ඇය විසින් චෙන්නායි ගුවන් තොටුපල පොලිසියට මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදුකර ඇති බව වාර්තා වේ.
Advertisements