Sat. Aug 24th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

නීතීඥ සංවිධාන ජාතික එකමුතුවේ සභාපතිට කොටුව පොලිසියෙන් කැදවීමක්

Read Time4Seconds

නීතීඥ සංවිධාන ජාතික එකමුතුවේ සභාපති නීතීඥ මනෝජ් ගමගේට කොළඹ කොටුව පොලිස් ස්ථානය වෙත කැඳවීමක් කරමින් ලබන 20 වනදා උදෑසන 09 ට එම පොලිස් ස්ථානය හමුවේ පෙනී සිටින ලෙසට දන්වා ඇත.

නීතීඥ මනෝජ් ගමගේට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ශානි අබේසේකර ඉකුත් දා කොළඹ කොටුව පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කරමින් ප්‍රකාශ කර සිටියේ මාධ්‍ය හමුවක් පවත්වමින් නීතීඥ මනෝජ් ගමගේ කළ ප්‍රකාශයකින් තමන්ට තර්ජනයක් කර ඇති බවය. මෙම පැමිණිල්ල පිළිබඳ විභාගයක් සඳහායි නීතීඥ මනෝජ් ගමගේ කොළඹ කොටුව පොලිස් ස්ථානය වෙත කැඳවා ඇත.

නමුත් මෙවැනි විමර්ශනයක් සිදු කිරීම පිළිගත නොහැකි තත්ත්වයක් බව නීතීඥ සංවිධාන ජාතික එකමුතුව නිවේදනයක් නිකුත් කරමින් දන්වමින් වැඩි දුරටත් පවසන්නේ මෙමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේද සහතික කර ඇති භාෂණයේ හා අදහස් ප්‍රකාශ කිරීමේ මූලික අයිතිය ද අභියෝගයට ලක්වන බවය.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *