Sat. Aug 24th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

මරා දැමූ කොටිපතියකුගේ මල සිරුර සොයා ගනී

Read Time4Seconds

පුත්තලම ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙක් ඝාතනය කොට වලදමා තිබියදී සොයා ගෙන ඇත. මොහු පුත්තලම නල්ලන්දළුව ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයකු වන 36 හැවිරිදි ඒ.ආර්.එම්. සෆිස් නැමති දෙදරු පියකි.

මරණයට පත් ව්‍යාපාරිකයා පොල් ඉඩම් හිමිකරුවකු සේම පොලි පදනම මත මුදල් දීම සිදුකල අයෙකි.

අදාල ව්‍යාපාරිකයා පසුගිය 11 වන දින සවස සිට නිවසින් අතුරුදහන් වී ඇති බවට ඥාතීන් පුත්තලම පොලිසියට කරන ලද පැමිණිලි මත සිදුකරන ලද දිර්ඝ විමර්ශන වලදී අදාල ඝාතනය සම්බන්ධව හෙළිවූ තොරතුරක් මත ඊයේ (15) සවස මෙම ව්‍යාපාරිකයා මරා වල දමා තිබූ ස්ථානය සොයා ගත් බව පුත්තලම පොලිසිය පවසයි.

ඝාතන සම්බන්ධයෙන් පොලියට මුදල් ලබා ගත් යක් සහ ඔහුගේ මිතුරෙකු බව කියන අයකු ප්‍රශ්න කිරීම සඳහා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *