Wed. Sep 18th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

මෛත්‍රීට දෙන තනතුර කුමක්ද යන්න පිළිතුරු දීමට අපහසුම ප්‍රශ්නයයි- ෂෙහාන් සේමසිංහ

Read Time33Seconds

මෙරට ප්‍රධාන දේශපාලන ප්‍රවාහයන් අතුරින් දෙකක් මේ වන විට සිය ජනාධිපති අපේක්ෂකයා නම් කොට අවසන්. පොහොට්ටුව සිය ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කළ හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ  සිය ජනපතිවරණ සටන මේ වන විටත් ආරම්භ කර තිබේ. ඒ පුරවැසි භාවය පිලිබඳව  මෙන්ම  මහින්ද යුගයේ ඔහුගේ ක්‍රියාපිළිවෙත ජනපතිවරණ අපේක්ෂකත්වයට සුදුස්සුකු දැයි ප්‍රතිවාදී පිලෙන් තොර තෝන්චියක් නොමැතිව එල්ල වන චෝදනා මධ්‍යයේයි. එවැනි වාතාවරණයක් තුළ Clombo Gazette.lk සමග සංවාදයට එක් වුනේ පොහොට්ටුව නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සංධාන අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ‍ෂෙහාන් සේමසිංහ මහතායි

 

කොහොමද මේ දිනවල පොහොට්ටුවේ මැතිවරණ ව්‍යාපාරය පිළිබඳව ජනතා ප්‍රතිචාරය?

 

ජනතාවගේ ඉතාම ඉහළ ප්‍රතිචාර තියෙනවා .මොකද ගෝඨාභය රාජපක්ෂ මේ රටේ  ජනාධිපතිවරයා බවට පත්විම කිසිදු දේශපාලන පක්ෂයක ,කිසිදු දේශපාලන නායකත්වයකට අවශ්‍ය ආකාරයකට ජනතාව තුළ ඇති  වෙච්ච අදහසක් නෙමෙයි.මේ රටේ ඇතිවෙච්ච බරපතල කඩා වැටිම් හින්දා සහ රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු තැකිමක් වර්තමාන ආණ්ඩුව නොකිරිමත් දිපු පොරොන්දු කඩා බිඳ දාපු හින්දා මිනිස්සු හිතුවා විනයානුකුලව නීතිගරුකව රටක් පාලනය කරන්න පුළුවන් නායකත්වයක් තිබුනොත් හොඳයි ඒ හින්දා 2015 වර්තමාන අණ්ඩුව බිහිවෙලා අවුරුද්දක් ගියාට පස්සේ ජනතාව විශ්වාස කළා මහින්ද රාජපක්ෂ මහත්මයාට නැවති තරඟ කරන්න බැරි නිසා ගෝඨාභය මහත්මයා තරඟ කළොත් හොඳයි කියලා.ජනතාවගේ අපේක්ෂාවන් ,බලාපොරොත්තු මල් ඵල ගැන්විමක් තමයි සිදු වුනේ.

 

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සමඟ ඔබතුමන්ලා ඉදිරියේදි කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවාද ?මොකද්ද ස්ථාවරය?

 

අපි විශේෂයෙන් මේ රටට ආදරය කරන හැම පාර්ශවයකටම ආරාධනා කළා අපිත් එක්ක එකතු වෙන්න කියලා .නමුත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට තියෙන හොඳම විකල්පය තමයි අපිත් සමග එකඟතාවයකට ඇවිල්ලා දේශපාලන කටයුතුවල නියලෙන එක.හැබැයි ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ දෙපිරිසක් ඉන්නවයි කියන කාරණාව අපිට පැහැදිලිව පෙනි යනවා.එක කණ්ඩායමක් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට සහ මේ රටේ ජනතාවගේ ප්‍රශ්නවලට විසදුම් දෙනවාට වඩා එක්සත් ජාතික පක්ෂය සමග තමන්ගේ පෞද්ගලික දේශපාලන ජිවිත ශක්තිමත් කරගැනිම සුදුසුයි කියලා හිතනවා.ඒ වගේම ඒ කණ්ඩායම ඉතාමත් පටු පෞද්ගලික දේශපාලන අරමුණක් කෙරෙහි තම අවධානය යොමු කරගෙන ඒක මල්ඵල ගැන්විමට කටයුතු කරනවා.එතකොට ඒ උදවියගේ අවශ්‍යතාවය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යුඑන්පියට අරගෙන යන්න.හැබැයි එතන ඉන්නෙ අතලොස්සයි.අපිට පේනවා ඒ අතලොස්ස මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා බරපතල ආකාරයකට අපහසුතාවයකට ,අසරණභාවයකට පත්කරල තියෙනවා.ඒක හින්දා  ඒ කණ්ඩායම එක්සත් ජාතික පක්ෂයට එකතුවෙයි.අපි හිතනවා අනෙක් බහුතරය ශ්‍රී ලංකා පොදුජන පෙරමූණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය සමඟ කටයුතු කරයි කියලා.

 

පොදු විපක්ෂයේ සෙසු පක්ෂ  පොහොට්ටුවට දෙන සහයෝගය කොයි වගේද?

කිසිඳු ගැටළුවක් නැහැ.මේක තනි තින්දුවක් නෙමෙයි.සියලු දෙනා සාකච්ජා කරලා ගත්ත තින්දුවක් .ඒ වගේම අපි 2015 විරුද්ධ පක්ෂයට ආවාට පස්සේ සෑම තින්දුවක් කෙරෙහිම වැඩි අවධානයක් යොමු කළේ සාකච්ජාවකින් පස්සේ.අපි තුළ විවිධ අදහස් තිබ්බා.ඒ අදහස් අපි එක මේසෙකට ඇවිල්ලා අපේ නායකාය හැටියට මහින්ද රාජපක්ෂ මහත්මයා පිළි අරගෙන එතුමා එක්ක අවසාන සාකච්ජාවේදි එක මතයකට ආවා.ඒ තත්ත්වය තවදුරටත් ඒ ආකාරයටම තියෙනවා.අපේ මුල ඉඳලාම විරසකභාවයක් හෝ නුරුස්සන ස්වභාවයක් නිර්මාණය කළේ කුමාර වෙල්ගම මන්ත්‍රිතුමා විතරයි.මං විශ්වාස තකරනවා එතුමා හෘද සාක්ෂියට එකඟව එතුමා විශ්වාස කරයි එතුමා ගත්තු තින්දුව වැරදියි කියලා.මොකද එතුමාව කිසියම් අවස්ථාවාදි කණ්ඩායමක මෙහෙයවිමක් කරා කියලා තමයි අපිට පේන්නෙ.ඒ ඇරෙන්න අනෙක් ඒකාබද්ධ විපක්ෂයේ සියලු මන්ත්‍රිවරු එක මතයක ඉන්නවා

 

මේ මැතිවරණ ව්‍යාපාරය තුළ ඔබතුමන්ලා සුළු ජාතින්ගේ විශ්වාසය දිනා ගැනිමට කටයුතු කරන්නෙ කොහොමද?

සුළු ජාතින් කියලා අපේ රටේ කිසිම ජාතියක් නැහැ.අපේ රටේ ශ්‍රී ලාංකිකයෝ තමයි ඉන්නෙ.   අපි දන්නවා විවිධජාතිවාදි  සහ ආගම්වාදි මත දැරිමක් සිදුකරලා ආණ්ඩුව බලයක් ලබා ගත්තා. මේ රටේ  සිංහල,දෙමළ ,මුස්ලිම් ගත්තොත් මේ වර්තමාන  ආණ්ඩුව මේ ජන කොට්ටාස තුනම රැවැට්ටුවා.ඒ එකිනෙකාට පරස්පර විරෝධි පොරොන්දු ලබා දිලා.අද මොකද වෙලා තියෙන්නෙ. මුස්ලිම් අයට ආරක්ෂාව තහවුරු කරනවා කිව්වාට මුස්ලිම් අයට තියා මේ රටේ කිසිදු ආගමකට ජාතියකට අද ආරක්ෂාව නැතිවෙලා තියෙනවා ඒ නිසා සුළු ජාතික ජන්ද මහජාතික ජන්ද කියලා මේ රටේ කිසිදු බෙදිමක් සිදුවන්නෙ නැහැ.අපේ රටේ සියලු දෙනාටම එකතුවෙලා සාමුහිකව කටයුතු කරලා විරසකභාවයකින් තොරව ජිවත්වන පරිසරයක් තමයි ඕන.මේ ආණ්ඩුව ඒක නිර්මාණය කරනවා කියලා කළේ ජාතින් අතර බෙදිමක් ඇති කළා.ඒ බෙදිම දේශපාලන වශයෙන් අආණ්ඩුවේ වාසියට භාවිත කළා.ජාතිවාදය ආගම්වාදය අපි ප්‍රතික්ෂේප කරනවා .ඒක අපට අවශ්‍ය වන්නෙ නැහැ.

 

ඔබතුමා ඔහොම කිව්වට පසුගිය දිනක අසාද් සාලි මහත්මයා ප්‍රකාශයක් කළා ජනාධිපතිවරණයේදි මුස්ලිම් ජනතාව වෙනුවෙන් අපෙක්ෂකයෙක් වුනත් දාන්න පුළුවන් කියලා.එහෙම තත්ත්වයක් උදා වුනොත් මොකද කරන්නෙ?

ඔය ප්‍රකාශය කරන පුද්ගලයා කොළඹ නගර සභාවට තරග කරලා තමන් තරඟ කරපු  කොට්ටාසයවත් ජයග්‍රමණය කරන්න බැරි වුණු පුද්ගලයෙක් .ප්‍රජාතන්ත්‍රවාදය අමු අමුවේ උල්ලංඝණය කරලා පයින් ගහලා ජාතිවාදය වපුරපු පුද්ගලයෙක් .ඒ පුද්ගලයා නගර සභාවේ ජන්ද කෙට්ටසය පරාජයවනවා.ඊට පස්සෙ බස්නාහිර පළාතේම ප්‍රධානියා වෙනවා.ඒ පත්වෙන්නත් සදාචාරාත්මක අයිතියක් එයාට තිබ්බද?ජනාධිපතිතුමා එයාව යෝජනා කළාට  .මම මගේ කොට්ටාසය පරාජය වෙච්ච පුද්ගලයෙක් මම කොහෙමද නගර සභා කොට්ටාසය පරජය වෙලා ආණ්ඩුකාරවරයා හැටියට ඉන්නෙ කියලා හිතන්න තිබුණා.එතුමාට චෝදනා රාශියක් තියෙනවා.ඒගොල්ලන් අපි විශ්වාස කරන්නෙ තමන්ගේ වරප්‍රසාදවලට මත ප්‍රකාශ කිරිමක් සිදු කරනවා .එයාල අපි නොසලකා හරිනවා.

 

ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඇමරිකානු පුරවැසිභාවය තවමත්  ඉවත් කරගෙන නැහැ කියලා  චෝදනා එල්ල වෙනවා. මේකෙ සත්‍යතාවයක් තියෙනවාද?

කිසිදු ගැටළුවක්  නැහැ.එතුමා මේ රටේ ජනාධිපතිවරණයටකට තරඟ කරන්න පුළුවන් සියලු සුදුසුකම් සපුරාලු නායකයෙක්. එවගේම ඉතිහාසය තුළ රටට වැඩක් කරන්න පුළුවන් කියලා මග පෙන්වපු නායකයෙක් .කිසිදු ගැටළුවක් ඒ පුරවැසිභාවය සම්බන්ධයෙන් නැහැ.ඒ සඳහා අවශ්‍ය සියලු වැඩ කටයුතු සිදුවෙලා අවසානයි.

 

ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපති වුනොත් අගමැති වෙන්නෙ කව්ද?

අනිවාර්යෙන්ම  මේ සියලුම දේශපාලන ප්‍රවාහයන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වට තමයි තියෙන්නෙ.අද මෙ රටේ විශ්වාසනීයම ජනතා නායකයා මහින්ද රාජපක්ෂ.2015 ජනතාව එතුමාට විරුද්ධව ජන්දය  ප්‍රකාශ කිරිම ගැන අපි වරදක් දකින්නෙ නැහැ.ජනතාව හිතනවානම් ඉන්න පාලන තන්ත්‍රයට වඩා හොඳ පාලන තන්ත්‍රයක් තවත් කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා ඒකෙ කිසිම විවාදයක් නැහැ.නමුත් ඒ බලය ලබා ගත්ත පලාකයන් කොතෙක් දුරට පාලනයක් ගෙන යන්න පුළුවන්ද  ,දක්ෂ අයද ,කියන දේ කරන අයද ,ජනතාව රවට්ටන්නේ නැති අයද කියන කාරණාව තමයි තේරුම් ගන්න ඕන.ජනතාව 2015 දි ලබා දිපු ජන්දය තුළ ඔවුන්ට බරපතල අසාධාරණයක් වර්තමාන ආණ්ඩුවෙන් සිදු වුනා.අනිවාර්යෙන්ම මේ රටේ අගමැතිවරයා බවට පත්වෙන්නෙ මහින්ද රාජපක්ෂ මහතා.ඒකට හේතුවක් තියෙනවා.2015  මහමැතිවරණයේදි බුලත් කොළයට ජනතාව ජන්දය දුන්නේ මහින්ද රජාපක්ෂ මේ රටේ අගමැති කරන්න.ජන්දය ගත්ත අය ජනතාවරම ලබා ගත්ත අය අපි දැක්කා රනිල් වික්‍රමසංහ අගමැති  කරන්න යනවා.මං හිතනවා ඒ තත්ත්වයේ නිවරදි විමක් සිදුවනවා.නැවත අපේ රටේ අපි බලාපොරොත්තු වන තැනට නැවත රට රැගෙන යන්න අපිට පුළුවන් වෙයි කියලා.

 

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ඔබතුමන්ලා දෙන තනතුර මොකද්ද?

මං හිතන්නෙ දේශපාල වශයෙන් උත්තර දෙන්න අසීරුම ප්‍රශ්නෙ.මං හිතනවා ජනාධිපතිතුමා අපහසුතාවයට පත්වෙන්නෙ නැතුව අර අවස්ථාවාදි ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ඉන්න සුළු පිරිසක් විසින් ලබා දෙන අර දිරච්ච ලණු පිලිගන්නෙ නැතුව එතුමා එතුමාගේ ගෞරවය ආරක්ෂා කරගන්න තින්දුවක් ගයි කියලා.

 

වාසුදේව නානායක්කාර මහතා යෝජනා කරන නියෝජ්‍ය අගමැති යන නව තනතුර සම්බන්ධයෙන් ඔබලා එකඟතාවයකට පැමිණිලා තිබෙනවාද?

නැ එහෙම එකඟතාවයක් සම්බන්ධයෙන් මගේ නම් අවබෝධයක් නැහැ. එහෙම එකක් මම දන්නෙ නැහැ.

 

 

 

                                                                                                                  සංවාද සටහන -වරුණි පෙරමුණ  

 

1 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *