Thu. Sep 19th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

නඩු තුනකට ත්‍රිපුද්ගල විනිසුරු මඩුලු තුනක්

Read Time1Second

රතුපස්වල, එක්නැලිගොඩ සහ ඇවන්ට්ගාඩ් නඩු විභාග කිරීම සඳහා අගවිනිසුරුවරයා විසින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුලු 3ක් පත් කර තිබේ.

ඒ අනුව, ගම්පහ මහාධිකරණයේ විභාග කිරීමට නියමිත රතුපස්වල නඩුව සඳහා මහාධිකරණ විනිසුරුවන් වන මේනකා විජේසුන්දර (සභාපති), නිමල් රණවීර සහ නිශාන්ත හපුආරච්චි යන මහත්ම මහත්මින්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් පත් කර තිබේ.

කොළඹ මහාධිකරණයේ විභාග කිරීමට නියමිත ප්‍රගීත් එක්නලිගොඩ පැහැර ගැනීමේ නඩුව සඳහා මහාධිකරණ විනිසුරුවන් වන සම්පත් අබේකෝන්(සභාපති), සම්පත් විජරත්න සහ ගිහාන් කුලතුංග යන අයගෙන් සමන්විතවිනිසුරු මඩුල්ලක් පත් කර ඇත

කොළඹ මහාධිකරණයේ ඇවන්ට්ගාඩ් නඩුව විභාග කිරීම සඳහා මහාධිකරණ විනිසුරුවන් වන ධම්මික ගනේපොල (සභාපති), ආදිත්‍ය පටබැදිගේ සහ මංජුල තිලකරත්න යන මහත්වරුන් පත් කර තිබේ.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *