වත්තල ඝාතනයක්

වත්තල පොලිස් වසමේ බලගල කතෝලික දේවස්ථානය අසළ වෙළඳසැලක් ඉදිරිපිටදී දෙදෙනෙකු අතර ඇතිවු බහින්බස් වීමක් දුරදිග ගොස් එක් පුද්ගලයෙක් අනෙක් පුද්ගලයාට පිහියකින් ඇනීම හේතුවෙන් බරපතළ තුවාල ලැබු එම පුද්ගලයා රාගම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.

මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 44ක් වු වත්තල ප්‍රදේශයේ පදිංචි අයෙකි. මෙම ඝාතනය සිදුව ඇති අතර මෘත ශරීරය මේ වන විට රාගම රෝහලේ තැන්පත් කර ඇත.

පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිත අතර ඝාතනය සිදු කළ සැකකරු පලා ගොස් ඇත. වත්තල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here