ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ වහාම ඡන්ද විමසන්න ශ්‍රේෂ්ඨාධිකරණය නියම කරයි

ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා වහාම ඡන්ද විමසීමක් පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.

පසුගිය පළාත් සහ පාලන ඡන්ද විමසීමේ දී එම ප්‍රාදේශීය සභාව සඳහා ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ විසින් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රයක් ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව එම පක්ෂය විසින් ඉදිරිපත් කළ පෙත්සමක තීන්දුව දෙමින් ප්‍රසන්න ජයවර්ධන ,මුර්දු ප්‍රනාන්දු සහ විජිත් මළල්ගොඩ යන මහත්ම මහත්මීන්ගේ සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මෙම නියෝගය කළේය.

එමෙන් ම ප්‍රතික්ෂේප කළ ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ නාමයෝජනා පත්‍රය භාර ගන්නා ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අදාල ප්‍රාදේශීය සභාව භාර තේරීම්භාර නිලධාරීයාට නියම කර තිබේ.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට තමන් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීම නීති විරෝධී යැයි සඳහන් කරමින් ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ විසින් එම වකවානුවේ අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here