කැන්ටබරි අගරදගුරු පාස්කු ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාවේ තත්වය අගයයි

කෙටි සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවේ සිටින කැන්ටබරි අගරදගුරු ජස්ටින් වෙල්බි, පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාව ඔරොත්තු දීමේ හැකියාව අගය කළේය.

කොළඹ ජීවමාන ගැලවුම්කරුවා වන ආසන දෙව්මැදුරේ පැවති විශේෂ සේවයක් අමතමින් කැන්ටබරි අගරදගුරු තුමා සඳහන් කළේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් සියලු ආගම්වලට අයත් පුද්ගලයින් පීඩාවට පත්ව ඇති බවයි.

අගරදගුරු අති උතුම් ජස්ටින් වෙල්බ් හිමිපාණෝ ඊයේ(29) රාත්‍රියේ ජනාධිපතිමන්දිරයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී තිබේ. සාමය සහ සංහිඳියාව සඳහා ජනපතිගේ වැඩපිළිවෙළ එහිදී උන්වහන්සේගේ පැසසුමට ලක් වී ඇත.

ඉමහත් ගෞරවයෙන් යුතුව අගරදගුරු හිමිපාණන් වහන්සේ පිළිගත් ජනාධිපති වරයා උන්වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය රටට ආශිර්වාදයක් බව සඳහන් කළ අතර ඒ වෙනුවෙන් උන්වහන්සේ වෙත සිය ස්තූතිය පිරිනැමීය.

අනතුරුව ජනාධිපති වරයා සහ අගරදගුරු හිමිපාණන් වහන්සේ ඉතා සමීප සහ මිත්‍රශීලි සංවාදයක නිරත වූ අතර,රටේ සියලූ ආගමිකයන් අතර අන්‍යෝන්‍ය විශ්වාසය සහ අවබෝධය ගොඩ නඟමින් සහ සියලූ ආගමිකයන්ගේ වරප්‍රසාද සහතික කරමින් ජනපති ගෙන යන වැඩපිළිවෙළ උන්වහන්සේ ඇඟයීමට ලක් කළහ.

ඔහු ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියේ එක්සත් වී සිටිමින් ප්‍රජාවන් අතර බෙදීමක් ඇති කිරීමට ගන්නා සියලු උත්සාහයන්ට එරෙහි වන ලෙසයි. ඊයේ (බ්‍රහස්පතින්දා) ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු අගරදගුරු තුමා කටුවාපිටියේ ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට ගොස් මැල්කම් රංජිත් කාදිනල්සතුමා සමග පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය අයගේ පවුල් හමුවිය.

ඔහු පසුව අගමැති සහ විපක්ෂ නායකවරයා හමුවිය.

පසුව අගරදගුරු තුමා කොළඹ පල්ලි ප්‍රධානීන් හා අන්තර් ආගමික නායකයන් සමඟ විශේෂ රැස්වීමකට සහභාගී වූ අතර සවස් වරුවේ ක්‍රිස්තුස් වහන්සේගේ ජීවමාන ගැලවුම්කරුවාගේ ආසන දෙව්මැදුරේ විශේෂ සත්ප්‍රසාදය සඳහා මුලසුන දැරීය.

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here