Fri. Dec 13th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

ගං වතුර ඇති වීම ගැන රතු නිවේදනයක්

Read Time7Seconds

කළු ගඟ, කැලණි ගඟ හා ගිං ගඟ ආශ්‍රිතව ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

කළු ගඟ ආශ්‍රිතව මේ වන විට අධික වර්ෂාපතනයක් ලැබෙමින් පවතින බැවින් කළු ගඟේ ජලමට්ටම රත්නපුර ප්‍රදේශයෙන් පිටාර මට්ට්මට ආසන්න වී ඇත.

එමෙන්ම ගිං ගඟ ආශ්‍රිත ප්‍රදේශයට ද මේ වන විට අධික වැසි ලැබෙමින් ඇති අතර, ගිං ගඟේ ජල මට්ටම තවලම ප්‍රදේශයෙන් පිටර මට්ටමට ආසන්න වී තිබේ.

කැලණි ගඟේ පිටාර ජල මට්ටම කිතුල්ගල හා දැරණියගල ආශ්‍රිත ප්‍රදේශවල ආසන්න වී ඇති අතර, ග්ලෙන්කොස් ප්‍රදේශයෙන් ද ඉදිරි පැය කීපය තුළ ජල මට්ටම ඉහළ යා හැකි බවට වාරි මාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

ඉදිරි පැය කිපිය තුළත් ඉහත ප්‍රදේශ ආශ්‍රිතව පැවතුන හොත් ගංගා ඊට සම්බන්ධ අතු ගංගා ආශ්‍රිත පහත්බිම්වල ජීවත් වන ජනතාවට ගං වතුර තත්ත්වය පිළිබඳව දැඩි අවධානයෙන් සිටින ලෙසට දැනුම් දෙයි.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *