Wed. Nov 13th, 2019

Colombo Gazette (Sinhala)

News and more from Sri Lanka in Sinhalese

ගෝඨාගේ මැදමුලන නඩුවක් දිනපතා විභාගයට

Read Time4Seconds

හම්බන්තොට,මැදමුලන, ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේදී රුපියල් මිලියන තිස් 33.9 ක රජය මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නිතිපතිවරයා විසින් කර තිබෙන නඩුව ඔක්තෝබර් මස 15 වනදා සිට දිනපතා විභාගයට ගන්නා බව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ අධිකරණය නියම කර තිබේ.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඇති කරගත් එකඟතාවට අනුව නීතිපතිවරයා විසින් මෙම සංශෝධිත චෝදනා පත්‍රය ඉදිරිපත් කළ බවත් එය මත නඩුව ඉදිරියටත් විභාග කිරීම සඳහා දින නියම කරන මෙන්ද ඉල්ලා සිටියේය.

මෙම නඩුවට අදාළව විත්තිකාර ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් කර තිබූ විශේෂ අයදුම්පතක් ඔක්තෝම්බර් මස පළමු වනදා යළි කැඳවීමට නියමිත බවත් එතැන් සිට සතියක් ඇතුළත එම පෙත්සම විභාගය අවසන් වනු ඇතැයි අපේක්ෂා කළ හැකි බැවින් මෙම නඩුව දිනපතා විභාගයට ගැනීම සඳහා දිනයක් නියම කරන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටීයේය.

ඒ අනුව නඩුව ඔක්තෝබර් මස 15 වනදා සිට නඩුව දිනපතා විභාගයට නියම කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල එදින සාක්ෂි දීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි සාක්ෂිකරුවන් හතරදෙනෙකුට සිතාසි ද අද නිකුත් කළේය.

0 0
Advertisements

Leave a Reply

Your email address will not be published. Required fields are marked *