භික්ෂුවක් ඇතුළු පිරිසක් කාන්තාවකට තර්ජනය කරයි

බෞද්ධ භික්ෂුවකගේ නායකත්වයෙන් යුත් මැර පිරිසක් කාන්තාවකට ඇය ඇඳ සිටි සාරියේ බුදුන්වහන්සේගේ රූප ඇති බවට චෝදනා කරමින් තර්ජනය කරන වීඩියෝවක් නිකුත් වි තිබේ.

මෙම සිද්ධිය ත්‍රිකුණාමලයේ බස් නැවතුම්පොළක දී සිදුවී ඇති අතර, එම කාන්තාව සහ කුඩා දරුවෙකුට පොලීසිය ඉදිරියේදි මෙලෙස තර්ජනය කර තිබේ.

එම වීඩියෝවෙන් අදාළ භික්ෂුන්වහන්සේ පවසනු ලබන්නේ ඇය කාන්තාවක් නොවූයේ නම් ඇයට පහර දීමට කටයුතු කරන බවයි.

පසුව එම කාන්තාව භික්ෂුව අසලට ගොස් සමාව අයැද සිටින්නේ තමා බුදු දහමට අගෞරව කිරීමට අදහස් නොකරන බවත් ඇගේ සාරියේ මුද්‍රණය කර ඇති රූපය බුදුරජාණන් වහන්සේගේ රූපයක් බවට තමා නොදැන සිටි බවත්ය.
කෙසේ වෙතත් භික්ෂුව ඇයට යන්නට ඉඩ නොදී ඇයව පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලෙස තරයේ කියා සිටියහ.

ඇයව පොලිසියට ගෙන ගිය අතර පසුව ඇයව නිදහස් කිරීමට පෙර වෙනත් සාරියක් ඇයට ඇඳගන්නා ලෙසද ඉල්ලා සිටි බව වාර්තා වෙයි.

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here