මඩකලපුවේ බෝම්බකරුගේ සිරුර වෙනත් ස්ථානයකට රැගෙන යන ලෙස අධිකරණ නියෝග

පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බකරුවෙකුගේ මළ සිරුරු භුමදානය කිරිමට වෙනත් ස්ථානයකට ගෙන යන ලෙස මඩකලපුවේ මහේස්ත්‍රාත් අධිකරණය අද පොලිසියට නියෝග කළේය.

මෙම ත්‍රස්තවාදියාගේ සිරුර හින්දු සුසාන භූමියක භූමදානය කිරීම සම්බන්ධයෙන් මඩකලපුවේ සියොන් පල්ලියට එල්ල වූ ප්‍රහාරයෙන් මියගිය අයගේ ඥාතීන් ඇතුළු සිය ගනනක් මේ සතියේ විරෝධතා දැක්විය.

මොහුගේ සිරුර ප්‍රජා සොහොන් බිමක භූමදානය කිරීමට මුස්ලිම්වරු ඉඩ නොදුන් හෙයින් බෝම්බකරුගේ සිරුර හින්දු පොදු සුසාන භූමියක තැන්පත් කරන ලදී.

අධිකරණ නියෝගයෙන් පසු දේහය සඳුදා ඉවත් කර දේහය භූමදානය කිරීමට සුදුසු ස්ථානයක් සොයා ගන්නා තුරු රජයේ මෘත ශරීරාගාරයේ තැන්පත් කරන බව පොලිසිය පවසයි.

0 0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here